1
රෝම 12:2
Sinhala Revised Old Version
SROV
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
සසඳන්න
රෝම 12:2 ගවේෂණය කරන්න
2
රෝම 12:1
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
රෝම 12:1 ගවේෂණය කරන්න
3
රෝම 12:12
බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න
රෝම 12:12 ගවේෂණය කරන්න
4
රෝම 12:21
නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.
රෝම 12:21 ගවේෂණය කරන්න
5
රෝම 12:10
සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න
රෝම 12:10 ගවේෂණය කරන්න
6
රෝම 12:9
ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.
රෝම 12:9 ගවේෂණය කරන්න
7
රෝම 12:18
පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.
රෝම 12:18 ගවේෂණය කරන්න
8
රෝම 12:19
ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
රෝම 12:19 ගවේෂණය කරන්න
9
රෝම 12:11
උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න
රෝම 12:11 ගවේෂණය කරන්න
10
රෝම 12:3
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
රෝම 12:3 ගවේෂණය කරන්න
11
රෝම 12:17
කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.
රෝම 12:17 ගවේෂණය කරන්න
12
රෝම 12:16
එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.
රෝම 12:16 ගවේෂණය කරන්න
13
රෝම 12:20
නුමුත් නුඹේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය.
රෝම 12:20 ගවේෂණය කරන්න
14
රෝම 12:14-15
නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න. ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.
රෝම 12:14-15 ගවේෂණය කරන්න
15
රෝම 12:13
ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.
රෝම 12:13 ගවේෂණය කරන්න
16
රෝම 12:4-5
මක්නිසාද යම්සේ අපට එකම ශරීරයෙහි බොහෝ අවයව තිබෙන නුමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවාක්මෙන්, බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
රෝම 12:4-5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ