1
රෝම 11:36
Sinhala Revised Old Version
SROV
මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්.
සසඳන්න
රෝම 11:36 ගවේෂණය කරන්න
2
රෝම 11:33
අහෝ, දෙවියන්වහන්සේගේ ප්රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!
රෝම 11:33 ගවේෂණය කරන්න
3
රෝම 11:34
එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්රියා වුණේ කවුද!
රෝම 11:34 ගවේෂණය කරන්න
4
රෝම 11:5-6
එසේම මේ කාලයේදීත් අනුග්රහයේ තෝරාගැනීමේ ප්රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි. ඉඳින් අනුග්රහයෙන් නම් තවත් ක්රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්රහය තවත් අනුග්රහය නොවේ. එසේවී නම් කිමෙක්ද?
රෝම 11:5-6 ගවේෂණය කරන්න
5
රෝම 11:17-18
නුමුත් සමහර අතු කඩාදමනලද්දේ වී නම්, වල් ඔලීව ගසක්වූ නුඹ ඒවා අතරේ පාස්සනු ලැබ, ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයෙහි නම්, අතුවලට විරුද්ධව පාරට්ටුකර නොගන්න. නුමුත් පාරට්ටුකරගන්නෙහි නම්, නුඹ විසින් මුල දරනවා නොව මුල නුඹව දරන්නේය.
රෝම 11:17-18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ