1
හිතෝපදේශ 3:5-6
Sinhala Revised Old Version
SROV
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
සසඳන්න
හිතෝපදේශ 3:5-6 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 3:7
නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.
හිතෝපදේශ 3:7 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 3:9-10
නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.
හිතෝපදේශ 3:9-10 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 3:3
කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
හිතෝපදේශ 3:3 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 3:11-12
මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.
හිතෝපදේශ 3:11-12 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 3:1-2
මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.
හිතෝපදේශ 3:1-2 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 3:13-15
ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.
හිතෝපදේශ 3:13-15 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 3:27
කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.
හිතෝපදේශ 3:27 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 3:19
ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක.
හිතෝපදේශ 3:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ