1
ශු. මාර්ක් 14:36
Sinhala Revised Old Version
SROV
අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක.
සසඳන්න
ශු. මාර්ක් 14:36 ගවේෂණය කරන්න
2
ශු. මාර්ක් 14:38
නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය දුර්වලයයි කීසේක.
ශු. මාර්ක් 14:38 ගවේෂණය කරන්න
3
ශු. මාර්ක් 14:9
සැබවක් නුඹලාට කියමි–ලොව මුළුල්ලේ ශුභාරංචිය ප්රකාශකරනු ලබන සෑම තැන්වලදීම මේ ස්ත්රිය කළ ක්රියාවත් ඈ ගැන සිහිවීමක් කොට කියනු ලබන්නේයයි කීසේක.
ශු. මාර්ක් 14:9 ගවේෂණය කරන්න
4
ශු. මාර්ක් 14:34
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්නය කියා
ශු. මාර්ක් 14:34 ගවේෂණය කරන්න
5
ශු. මාර්ක් 14:22
ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දී: ගන්න. මේක මාගේ ශරීරයයයි කීසේක.
ශු. මාර්ක් 14:22 ගවේෂණය කරන්න
6
ශු. මාර්ක් 14:23-24
උන්වහන්සේ කුසලානක්ද ගෙන ස්තුතිකොට ඔවුන්ට දුන්සේක. ඔවුන් සියල්ලෝ එයින් බීවෝය. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේක බොහෝ දෙනෙකු උදෙසා මා විසින් වගුරුවන ගිවිසුමේ මාගේ ලේය.
ශු. මාර්ක් 14:23-24 ගවේෂණය කරන්න
7
ශු. මාර්ක් 14:27
එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම බාධාවන්නහුය. මක්නිසාද–මම එඬේරාට පහරදෙන්නෙමි, එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝයයි ලියා තිබේ.
ශු. මාර්ක් 14:27 ගවේෂණය කරන්න
8
ශු. මාර්ක් 14:42
නැගිටින්න, අපි යමු. මෙන්න, මා පාවාදෙන්නා ළඟයයි කීසේක.
ශු. මාර්ක් 14:42 ගවේෂණය කරන්න
9
ශු. මාර්ක් 14:30
යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක.
ශු. මාර්ක් 14:30 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ