1
යෙසායා 62:4
Sinhala Revised Old Version
SROV
නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ශීබා කියාද නුඹේ දේශය බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.
සසඳන්න
යෙසායා 62:4 ගවේෂණය කරන්න
2
යෙසායා 62:6-7
එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි, උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.
යෙසායා 62:6-7 ගවේෂණය කරන්න
3
යෙසායා 62:3
නුඹ ස්වාමීන්වහන්සේගේ අතෙහි අලංකාර ඔටුන්නක්ද නුඹේ දෙවියන්වහන්සේගේ අතෙහි රාජකිරීටයක්ද වන්නෙහිය.
යෙසායා 62:3 ගවේෂණය කරන්න
4
යෙසායා 62:5
මක්නිසාද තරුණයෙකු විසින් කන්යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්රීතිවනසේක.
යෙසායා 62:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ