යෙසායා 62:4
යෙසායා 62:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අසූබා යයි ඔවුන් තවත් ඔබට කියන්නේ නැත. ෂෙමාමා යන පදයෙන්, ඔබේ දේශය හැඳින්වෙන්නේ නැත. ඒ වෙනුවට ඔබට හෙෆ්සීබා කියා ද ඔබේ දේශය බෙයූලා කියා ද කියනු ලැබේ. මන්ද ස්වාමින්වහන්සේ ඔබ තුළ සොම්නස් වන සේක. ඔබේ දේශය ද විවාහ කර ගනු ලැබේ.
යෙසායා 62:4 Sinhala Revised Old Version (SROV)
නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ශීබා කියාද නුඹේ දේශය බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.
යෙසායා 62:4 Sinhala New Revised Version (NRSV)
නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
යෙසායා 62:4 Sinhala New Revised Version 2018 (SNRV)