1
2 රාජාවලිය 5:1
Sinhala Revised Old Version
SROV
සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය.
සසඳන්න
2 රාජාවලිය 5:1 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 5:10
එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.
2 රාජාවලිය 5:10 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 5:14
එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.
2 රාජාවලිය 5:14 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 5:11
නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි.
2 රාජාවලිය 5:11 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 5:13
ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය.
2 රාජාවලිය 5:13 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 5:3
ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය.
2 රාජාවලිය 5:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ