1
2 රාජාවලිය 4:2
Sinhala Revised Old Version
SROV
එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය.
සසඳන්න
2 රාජාවලිය 4:2 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 4:1
ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.
2 රාජාවලිය 4:1 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 4:3
එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න.
2 රාජාවලිය 4:3 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 4:4
නුඹත් නුඹේ පුත්‍රයනුත් ඇතුල්වී දොර පියාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත්කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැයි කීවේය.
2 රාජාවලිය 4:4 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 4:6
භාජන පිරුණු කල ඈ: තවත් භාජනයක් මට ගෙනෙන්නැයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතැයි ඔහු ඈට කීවේය. තෙල් නැවතුණේය.
2 රාජාවලිය 4:6 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 4:7
එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය.
2 රාජාවලිය 4:7 ගවේෂණය කරන්න
7
2 රාජාවලිය 4:5
ඈ ඔහු ළඟින් ගොස්, ඈත් ඇගේ පුත්‍රයොත් ඇතුල්වී දොර පියාගත්තෝය; ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝය, ඈ තෙල් වත්කළාය.
2 රාජාවලිය 4:5 ගවේෂණය කරන්න
8
2 රාජාවලිය 4:34
තවද ඔහු නැගීගොස් ළමයා පිට වැතිර තමාගේ කට ඔහුගේ කට පිටද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිටද තමාගේ අත් ඔහුගේ අත් පිටද තබා ළමයා පිට දිගාවුණේය; ළමයාගේ මාංසයද උණුහුම් වුණේය.
2 රාජාවලිය 4:34 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ