1
2 1 වංශාවලිය 20:15
Sinhala Revised Old Version
SROV
ඔහු කථාකොට: සියලු යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ නුඹලාට මෙසේ කියනසේක–මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන්වහන්සේගේය.
සසඳන්න
2 1 වංශාවලිය 20:15 ගවේෂණය කරන්න
2
2 1 වංශාවලිය 20:17
යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.
2 1 වංශාවලිය 20:17 ගවේෂණය කරන්න
3
2 1 වංශාවලිය 20:12
අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය.
2 1 වංශාවලිය 20:12 ගවේෂණය කරන්න
4
2 1 වංශාවලිය 20:21
ඔහු සෙනඟ සමඟ මන්ත්රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්රශංසා කරමින්– ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.
2 1 වංශාවලිය 20:21 ගවේෂණය කරන්න
5
2 1 වංශාවලිය 20:22
ඔවුන් ප්රීති ඝෝෂාවද ප්රශංසාවද පටන්ගත් වේලාවේදී යූදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්රයන්ටද සෙයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධ ස්වාමීන්වහන්සේ රැක සිටින සේනාවක් සිටෙවුසේක; ඔව්හු පැරදුණෝය.
2 1 වංශාවලිය 20:22 ගවේෂණය කරන්න
6
2 1 වංශාවලිය 20:3
එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශකෙළේය.
2 1 වංශාවලිය 20:3 ගවේෂණය කරන්න
7
2 1 වංශාවලිය 20:9
අප පිටට යම් විපත්තියක් එනම් කඩුව හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමුණුණොත්, ඔබගේ නාමය මේ ගෘහයෙහි තබා තිබෙන නිසා, අපි මේ ගෘහය හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේදී ඔබට යාච්ඤාකරන්නෙමුව, එවිට ඔබ ශ්රවණය කොට ගළවනසේකැයි කීවෝය.
2 1 වංශාවලිය 20:9 ගවේෂණය කරන්න
8
2 1 වංශාවලිය 20:16
හෙට ඔවුන්ට විරුද්ධව යන්න. බලව, ඔව්හු ශීශ් නම් නැගුමෙන් නැගී එති; යෙරුයෙල් කාන්තාරයට ඉස්සරහපිට මිටියාවතේ කෙළවරදී ඔව්හු නුඹලාට සම්බවන්නෝය.
2 1 වංශාවලිය 20:16 ගවේෂණය කරන්න
9
2 1 වංශාවලිය 20:4
ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.
2 1 වංශාවලිය 20:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ