1
ගලාති 6:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් යහ වැඩ කිරීමෙහි වෙහෙසට පත් නො වී, බලාපොරොත්තු හැර නො දමා සිටින්නෙමු නම්, නිසි කල අප අස්වනු නෙළනු ඇත.
နှိုင်းယှဉ်
ගලාති 6:9ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ගලාති 6:10
එබැවින් අපට ඇති ඉඩ ප්රස්තා අනුව හැම විට, විශේෂයෙන් ඇදහිල්ලේ පවුලට සෙත සලසමු.
ගලාති 6:10ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ගලාති 6:2
එකිනෙකාගේ බර ඉවසා දරා ගැනීමෙන්, ක්රිස්තුස්වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න.
ගලාති 6:2ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
ගලාති 6:7
නො රැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම් කරන්නට කිසිවකුට නුපුළුවන. කෙනකු කපා ගන්නේ, ඔහු ම වපුරන දෙයිනි.
ගලාති 6:7ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
ගලාති 6:8
මන්ද තමාගේ මාංසය උදෙසා වපුරන්නා, මාංසයෙන් ජරාවට පත්වීම කපා ගනී. ආත්මයාණන් උදෙසා වපුරන්නා, ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නෙළා ගනියි.
ගලාති 6:8ရှာဖွေလေ့လာလိုက်ပါ။
6
ගලාති 6:1
සහෝදරයිනි, යමකු නොපනත්කමක් කරද්දී අසු වුවහොත්, ආත්මික වූ ඔබ මෘදුකමින් යුතු ව යළි ඔහු හරි මඟට ගෙන ආ යුතු ය. තමන් ගැනත් පරෙස්සම් වන්න; පරීක්ෂාවට නො වැටෙන්නට වග බලා ගන්න.
ගලාති 6:1ရှာဖွေလေ့လာလိုက်ပါ။
7
ගලාති 6:3-5
කමකට නැති කෙනෙක් තමා වැදගතෙකැයි සිතයි නම්, ඔහු තමා රවටා ගනී. හැම කෙනකු ම, තම ක්රියා කලාපය තමන් ම තක්සේරු කර ගනිත්වා; එවිට තමා ම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළ ම ය; තම අසල්වැසියා තුළ නො වේ. මන්ද හැම කෙනකු ම තම තමාගේ බර ඉසිලිය යුතු ව ඇත.
ගලාති 6:3-5ရှာဖွေလေ့လာလိုက်ပါ။