1
එපීස 2:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේ විසින් කලින් සූදානම් කරන ලද යහපත්කම් කරන පිණිස, ඒවා තුළ හැසිරෙන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවන ලද්දවුන් වන අප දෙවියන්වහන්සේගේ ම හස්ත කර්මාන්ත වේ.
နှိုင်းယှဉ်
එපීස 2:10ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
එපීස 2:8-9
මන්ද ඔබ ගැලවී සිටින්නේ අනුග්රහයෙනි; ඇදහිල්ල තුළිනි. ඔබගේ පරිශ්‍රමයෙන් නො වේ. එය දෙවියන්වහන්සේගේ තිළිණයයි. ගැලවීම, ක්‍රියා මගින් නො වේ. එබැවින් කිසිවකුටත් ඒ ගැන පාරට්ටු කර ගත නො හේ.
එපීස 2:8-9ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
එපීස 2:4-5
එහෙත් දයාවෙන් ඉසුරුමත් දෙවියන්වහන්සේ, අපට ප්‍රේම කළ උන්වහන්සේගේ මහා ප්‍රේමය නිසා, අපගේ අපරාධ තුළ අප මැරී සිටියදී පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවනයට පැමිණ වූ සේක. ඔබ ගලවනු ලැබ ඇත්තේ, අනුග්රහයෙනි.
එපීස 2:4-5ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
එපීස 2:6
තවද ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප නැගිට වූ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සමඟ ස්වර්ග බලමණ්ඩලයන්හි අප අසුන් ගැන් වූ සේක.
එපීස 2:6ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
එපීස 2:19-20
එබැවින් ඔබ, තවදුරටත් විදේශීන්වත්, පිටස්තරයින්වත් නො වේ. ශුද්ධවන්තයින් සමඟ ඔබත් සමාන පුරවැසියන් ය; දෙවියන්වහන්සේගේ ම පවුලේ සාමාජිකයින් ය. ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය.
එපීස 2:19-20ရှာဖွေလေ့လာလိုက်ပါ။