1
ක්රියා 16:31
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුහු පිළිතුරු දෙමින්, “යේසුස් ස්වාමින්වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැලවීම ලබනු ඇත; ඔබත් ඔබේ ගෙයි වැසි සියල්ලොත් යැ” යි පැවසූහ.
နှိုင်းယှဉ်
ක්රියා 16:31ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ක්රියා 16:25-26
රෑ මැදියමේ පමණ පාවුල් හා සීලස් යාච්ඤා කරන්නටත්, දෙවියන්වහන්සේට ගී ගයන්නටත් වූ අතර අනෙක් සිරකරුවෝ ඊට සවන් දෙමින් සිටියහ. හදිසියේ ම සිර ගෙයි අත්තිවාරම් දෙදරවමින් තදබල භූමිකම්පාවක් විය. සිරගෙදර දොරවල් සියල්ල එක්වන ම ඇරී ගියේ ය. සිරකරුවන් සැමගේ බැඳි බැඳුම් ද ලිහී ගියේ ය.
ක්රියා 16:25-26ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ක්රියා 16:30
ඉන්පසු සිර මැදිරියෙන් පිටතට ඔවුන් කැඳවාගෙන අවුත්, “මහත්වරුනි, ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ?” යි විමසී ය.
ක්රියා 16:30ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
ක්රියා 16:27-28
සිර ගෙයි නිලධාරියා අවදි විය. සිර ගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය. එසැණේ ම, “කිසි අනතුරක් කර ගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය.
ක්රියා 16:27-28ရှာဖွေလေ့လာလိုက်ပါ။