1
2 තෙසලෝනික 2:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමු ව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්‍රයා ප්‍රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත.
နှိုင်းယှဉ်
2 තෙසලෝනික 2:3ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
2 තෙසලෝනික 2:13
ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන් ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳ ව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.
2 තෙසලෝනික 2:13ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
2 තෙසලෝනික 2:4
දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමා ම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි.
2 තෙසලෝනික 2:4ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
2 තෙසලෝනික 2:16-17
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා!
2 තෙසලෝනික 2:16-17ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
2 තෙසලෝනික 2:11
ඒ හේතුව නිසා දෙවියන්වහන්සේ බලගතු මුළාවක් ඔවුන් වෙත එවන්නේ, ඔවුන් මුසාව විශ්වාස කරන පිණිසත්
2 තෙසලෝනික 2:11ရှာဖွေလေ့လာလိုက်ပါ။
6
2 තෙසලෝනික 2:9-10
නොපනත්කාමියාගේ පැමිණීම, සාතන්ගේ ක්‍රියාකාරී බලයට අනුව සියලු විධ කූට හාස්කම්, අනුහස් ලකුණු හා අරුම පුදුම මගින් දැක් වේ. හැම අයුරක දුෂ්ටකම් මගින් ඔහු විනාශවන්නන් මුළා කරනු ඇත. එසේ විනාශ වන්නේ සත්‍යයට ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් ගැලවීම නො ලද බැවිනි.
2 තෙසලෝනික 2:9-10ရှာဖွေလေ့လာလိုက်ပါ။
7
2 තෙසලෝනික 2:7
මන්ද නොපනත්කමේ අබිරහස් බලය දැනට ම ක්‍රියාත්මක ය; එහෙත් දැනට එය වළක්වාගෙන සිටින තැනැත්තාණන් ඉවත ගෙන යන තෙක් දිගට ම එසේ කරනු ඇත.
2 තෙසලෝනික 2:7ရှာဖွေလေ့လာလိုက်ပါ။