1
උත්පත්ති 27:28-29
Sinhala New Revised Version 2018
SNRV
අහසින් පිනි ද පොළොවේ සරු බව ද බොහෝ ධාන්‍ය හා මිදියුස ද දෙවිඳාණෝ නුඹ හට දෙන සේක් වා! ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”
Kokisana
Luka උත්පත්ති 27:28-29
2
උත්පත්ති 27:36
එවිට ඒසව්, “ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය.
Luka උත්පත්ති 27:36
3
උත්පත්ති 27:39-40
එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ. කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”
Luka උත්පත්ති 27:39-40
4
උත්පත්ති 27:38
ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය.
Luka උත්පත්ති 27:38