නික්මයාම 27

27
පූජාසනය
(නික්ම 38:1-7)
1“ෂිටිම් ලීවලින් මීටර් දෙකයි දශම දෙකක් දිග, මීටර් දෙකයි දශම දෙකක් පළල, මීටර් එකයි දශම තුනක් උස, හතරැස් පූජාසනයක් සෑදිය යුතු යි. 2එය සමඟ ඒකාබද්ධ ව සිටින සේ එහි කොන් හතරේ අං හතරක් සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු යි. 3තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය. 4ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය. 5එය ද පූජාසනයේ පහළ සිට පූජාසනයේ මැද හරියට වෙන තෙක්, පූජාසනයේ ගැටිය යට තැබිය යුතු යි. 6පූජාසනයට ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු අතර, 7පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ. 8පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්‍රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.”
මණ්ඩපයේ මළුව
(නික්ම 38:9-20)
9“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි. 10ඒවායේ කුලුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය. 11එලෙස ම මණ්ඩපයේ උතුරු පැත්තට මීටර් හතළිස්හතරක් දිග තිර සකස් කළ යුතු ය. ඒවායේ කණු විස්ස හා තවු විස්ස ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය. 12මණ්ඩපයේ බටහිර පැත්තට මීටර් විසිදෙකක් පළල තිර ද ඒවාට කණු දහයක් හා තවු දහයක් ද සෑදිය යුතු ය. 13නැගෙනහිර දෙසටත් මළුවේ පළල මීටර් විසිදෙකක් විය යුතු ය. 14දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ. 15අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය. 16තවද, දොරටුව සඳහා නිල් පාට, දම් පාට, ලා රතු සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද වැඩදමා ගෙතූ, මීටර් නවයක් දිග තිරයක් විය යුතු ය. ඊට කණු හතරක් හා තවු හතරක් ද තිබිය යුතු ය. 17මළුව වටේට ඇති කණු සියල්ල ම රිදී පොලුවලින් යා කළ යුතු ය. ඒවායේ වළලු රිදීයෙන් ද තවු ලෝකඩයෙන් ද තැනිය යුතු ය. 18මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ. 19මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”
පහන් දල්වන තෙල්
(ලෙවී 24:1-4)
20“පහන නිතර ම දැල්වෙමින් පවතින පිණිස, පහනට පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්නට නුඹ ඉශ්රායෙල් ජනයාට අණ කළ යුතු ය. 21තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

නික්මයාම 27 동영상