ලූක් 3:4-6
ලූක් 3:4-6 SCV
දිවැසිවර යෙසායාගේ වචන සඳහන් පොතේ ලියවී තිබූ පරිදි ය: “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු; හැම මිටියාවතක් ම පුරවනු ලබනු ඇත, හැම කන්දක් හා හෙලක් ම පහත් කරනු ලැබේ. ඇද වූ මාවත් කෙළින් කරනු ඇත, රළු මාර්ග මෘදු කෙරෙනු ඇත. දෙවියන්වහන්සේගේ ගැලවීම සමස්ත මිනිස් වර්ගයා දකිනු ඇත.’ ”

