යොහන් 2
2
ජලය මිදි යුෂ කළ හාස්කම
1තුන් වන දවසේ ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය. යේසුස්වහන්සේගේ මෑණියෝ ද එහි වූවා ය. 2යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් ද මංගල උත්සවයට ඇරියුම් ලැබ තිබුණි. 3තිබූ මිදි යුෂ ඉවර වූ කල, “ඔවුන්ට මිදි යුෂ ඉවර වෙලා” යි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවා ය.
4යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මගෙන් ඔබට ඇති කාරිය කිම ද?#2:4 හෙවත් ස්ත්‍රිය, ඔබ මේකට මාව ගාවගන්නේ මොකට ද? මගේ පැය තවම පැමිණ නැතැ” යි කී සේක.
5එවිට උන්වහන්සේගේ මෑණියෝ සේවකයින් අමතා, “උන්වහන්සේ කියන කවර දෙයක් වුවත් කරන්නැ” යි කීවා ය.
6පවිත්‍ර වීමේ යුදෙව් චාරිත්‍රය සඳහා ගන්නා ගැලුම්#2:6 ලීටර් 4.5ක් පමණ වේ විස්සක් හෝ තිහක් බැගින් අල්ලන, ගල් ජල-භාජන හයක් ඒ ළඟ තබා තිබිණි.
7“භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වා ම ඒවා ජලයෙන් පිරවූහ.
8“දැන් මෙයින් ටිකක් ගෙන ගොස්, උත්සව සංවිධායකට දෙන්නැ” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක.
ඔවුහු එසේ කළහ. 9සංවිධායක, මිදි යුෂ බවට පත් වතුර රස බැලුවේ ය; වතුර අදින ලද සේවකයින් දැන සිටි නමුදු ඒවා කොතැනින් ලැබුණේදැයි ඔහු දැන සිටියේ නැත. එහෙයින් මනාලයා පසෙකට කැඳවූ ඔහු, 10“කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදි යුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය.
11මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.
12ඉන්පසු යේසුස්වහන්සේ සිය මෑණියන් ද සහෝදරයින් ද ගෝලයින් ද සමඟ කපර්ණවුම් වෙත ගිය සේක; ඔවුහු ටික දවසක් එහි නැවතී සිටියහ.
දේව මාලිගය පවිත්‍ර කිරීම
13යුදෙව්වරුන්ගේ පාස්කුව ළං වූයෙන්, යේසුස්වහන්සේ යෙරුසලමට ගිය සේක. 14මිනිසුන් ගව, බැටළු, පරෙවි ආදී සතුන් දේව මාලිග මළුව තුළ අලෙවි කරනු ද විනිමය මාරු කරන්නන් ගනුදෙනු සඳහා හිඳ සිටිනු ද දුටු උන්වහන්සේ, 15ලණුවලින් කසයක් තනා, ගවයින් හා බැටළුවන් සමඟ ඒ සියල්ලන් පිටතට පන්නා, විනිමයකරුවන්ගේ කාසි විසුරුවා, ඔවුන්ගේ මේස ද පෙරළා දැමූ සේක; 16පරෙවි වෙළඳුන් වෙත හැරුණු උන්වහන්සේ, “මේවා මෙතැනින් අරන් පලයල්ලා. මා පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් කිරීම නවතපල්ලා” යි කී සේක. 17එවිට ලියා ඇති පරිදි, “ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ”#2:17 ගීතා 69;9 යන්න උන්වහන්සේගේ ගෝලයින්ට මතක් විය.
18එවිට යුදෙව් නායකයෝ උන්වහන්සේට කතා කරමින්, “මේවා කිරීමට ඔබ පෙන්වන අනුහස් ලකුණ කුමක් දැ?” යි ඇසූහ.
19යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක.
20එවිට ඔවුහු, “මේ මාලිගය ගොඩ නගන්නට හතළිස් හය වසරක් ගත වුණා; ඔබ එය දවස් තුනකින් ගොඩ නගන්න යනවා දැ?” යි ඇසූහ. 21එහෙත් උන්වහන්සේ කී මාලිගාව උන්වහන්සේගේ ම ශරීරයයි. 22යේසුස්වහන්සේ මරණින් යළි නැගිට්ට පසු, උන්වහන්සේගේ ගෝලයින්ට උන්වහන්සේගේ මේ කියමන මතක් විය; එවිට ඔවුහු ශුද්ධ ලියවිල්ල ද උන්වහන්සේ පැවසූ වචන ද විශ්වාස කළෝ ය.
23පාස්කු උත්සවයට යෙරුසලමේ සිටියදී, උන්වහන්සේ දැක් වූ ලකුණු දුටු බොහෝ දෙනෙක් උන්වහන්සේගේ නාමය කෙරේ විශ්වාස කළහ. 24යේසුස්වහන්සේ සියලු මිනිසුන් ගැන දැන සිටි හෙයින් තමන්වහන්සේ ම ඔවුන්ට භාර වූයේ නැත. 25මිනිසාගේ ඇතුළාන්තය හොඳින් ම දත් හෙයින්, මිනිසකු ගැන තවත් මිනිසකුගේ සහතිකයක් උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත.
Valið núna:
යොහන් 2: SCV
Áherslumerki
Deildu
Afrita
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: