යොහන් 18
18
යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීම
1එම වචන පවසා නිම වූ පසු, යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ කිද්‍රොන් ඔයෙන් එතෙර ව, එහි වූ උයනට තම ගෝලයින් සමඟ ඇතුළු වූ සේක.
2යේසුස්වහන්සේ නිතර තම ගෝලයින් සමඟ එහි ආ-ගිය බැවින්, උන්වහන්සේ පාවා දුන් යූදස් ද මේ ස්ථානය දැන සිටියේ ය. 3එබැවින් යූදස්, හේවා කණ්ඩායමක් ද නායක පූජකයින් හා පරිසිවරුන්ගෙන් ලබා ගත් නිලධාරී කණ්ඩායමක් ද සමඟ එහි ආවේ ය. ඔවුන් අත පහන්, පන්දම් හා අවි ද විය.
4යේසුස්වහන්සේ එවිට තමන්ට සිදු වන්නට යන සියල්ල දැන ඉදිරියට අවුත්, “කවුරු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.
5“නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.
එවිට, “ඒ මම යැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. උන්වහන්සේ පාවා දුන් යූදස් ඔවුන් සමඟ සිටගෙන සිටියේ ය. 6යේසුස්වහන්සේ, “ඒ මම යැ” යි ඔවුන්ට කී කල, ඔවුහු පස්සෙන් පස්සට ගොස්, බිම ඇද වැටුණහ.
7උන්වහන්සේ නැවතත්, “කවරකු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.
“නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු කීහ.
8යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම ය කියා මා ඔබට කීවා; ඔබ සොයන්නේ මා නම්, මේ මිනිසුන්ට යන්න හරින්නැ” යි කී සේක. 9මෙසේ වූයේ, “ඔබ මට දුන් අයගෙන් කිසිවකුත් මට නැති වූයේ නැතැ”#18:9 යොහන් 6:39 යි උන්වහන්සේ කලින් පැවසූ වචන ඉටු වන පිණිස ය.
10එවිට, තමා වෙත කඩුවක් තිබූ සීමොන් පේතෘස් එය ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. ඒ දාසයාගේ නම මල්කස් ය.
11යේසුස්වහන්සේ පේතෘස් අමතා, “ඔය කඩුව කොපුවේ දමා ගන්න. පියාණන්වහන්සේ මට දී ඇති කුසලාන මම නො බොම් දැ?” යි පැවසූ සේක.
12එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ. 13පළමු කොට ඔවුහු එම වසරේ උත්තම පූජක වූ කායාපස්ගේ මාමණ්ඩිය වූ අන්නස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. 14ජනතාව වෙනුවෙන් එක මිනිසකු මරණයට පත්වීම වඩා හොඳ බවට යුදෙව්වරුන්ට උපදෙස් දුන්නේ මෙම කායාපස් ය.
පේතෘස්ගේ පළමු ප්රතික්ෂේපය
15සීමොන් පේතෘස් හා තවත් ගෝලයෙක් යේසුස්වහන්සේ පසුපසින් ගියහ. එම ගෝලයා උත්තම පූජකයා හඳුනන බැවින්, යේසුස්වහන්සේ සමඟ උත්තම පූජක මැදුරු මළුවට ඇතුළු විය. 16එහෙත් පේතෘස් පිටත දොරකඩ සිටගෙන සිටියේ ය. එබැවින් උත්තම පූජකයා හඳුනන එම අනෙක් ගෝලයා පිටතට පැමිණ, දොරටුව මුර කළ සේවිකාවට කතා කොට, පේතෘස් ඇතුළට ගෙනාවේ ය.
17දොරටුවේ සිටි සේවිකාව පේතෘස් අමතා, “ඔබත් අර මිනිහාගේ ගෝලයෙක් නො වේ ද? එහෙම නේදැ?” යි ඇසුවා ය.
පේතෘස්, “මා එයින් කෙනෙක් නො වේ” යි කීවේ ය.
18ශීතල නිසා සේවකයෝ හා භටයෝ අඟුරින් ගිනි මැලයක් දල්වා ඒ වටා සිටගෙන, ගිනි තපිමින් සිටියහ. පේතෘස් ද ඔවුන් අතර සිටගෙන ගිනි තපිමින් සිටියේ ය.
උත්තම පූජකයා ඉදිරිපිට
19ඒ අතර උත්තම පූජකයා, යේසුස්වහන්සේගේ ගෝලයින් හා ඉගැන්වීම් ගැන උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය.
20යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලෝකයට මා කතා කළේ එළිපිට ය. මා හැම විට ඉගැන්නුවේ සියලු යුදෙව්වරුන් රැස් වන සිනගෝගවලදී හා දේව මාලිගාවේදී ය. රහසිගත ව මා කිසිවක් කතා කළේ නැත. 21මගෙන් අහන්නේ කුමට ද? මා ඔවුන්ට කීවේ මොනවාදැයි මට සවන් දුන් අයගෙන් අහන්න. මා කී දෑ ඔවුහු දනිති” යි කී සේක.
22යේසුස්වහන්සේ එසේ කී කල, උන්වහන්සේට අතුල් පහරක් ගැසූ ළඟ සිටි මුර සේවකයෙක්, “උත්තම පූජකයාට කතා කරන්නේ මෙහෙම දැ?” යි ඇසී ය.
23යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කී දෑ වැරදි නම්, වරද ගැන සාක්ෂි දරන්න. එනමුත් මා කී දෑ නිවැරදි නම්, නුඹ මට පහර දෙන්නේ මන්දැ?” යි ඇසූ සේක. 24එවිට අන්නස්, උන්වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජක කායාපස් වෙත යැවී ය.
දෙවන හා තුන් වන වර පේතෘස්ගේ ප්රතික්ෂේපය
25සීමොන් පේතෘස් ගිනි තපිමින් සිටගෙන සිටියදී, එතැන සිටි අය ඔහු අමතා, “ඔහුගේ ගෝලයන්ගෙන් කෙනෙක් නො වේ ද ඔබත්?” යයි ඇසූහ.
පේතෘස් එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඔවුන්ගේ කෙනෙක් නො වේ” යි කීවේ ය.
26පේතෘස් කන කපා දැමූ මිනිසාගේ නෑයකු වූ උත්තම පූජකයාගේ සේවකයෙක් පේතෘස් අමතමින්, “නුඹ ඔහු සමඟ උයනේ සිටිනු මා දුටුවා නේදැ?” යි ඇසී ය. 27පේතෘස් එවර ද එය ප්‍රතික්ෂේප කළේ ය; එකෙණෙහි ම කුකුළා හැඬලී ය.
රෝම ආණ්ඩුකාර පිලාත් ඉදිරිපිට
28ඔවුහු කායාපස්ගේ ගෘහය වෙතින් ආණ්ඩුකාර මැදුර වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. ඒ හිමිදිරි උදයයි. පාස්කුව වැළඳීමට හැකි වන පිණිස අපවිත්‍ර නො වන්නට ඔවුහු ආණ්ඩුකාර මැදුරට ඇතුළු නො වූහ. 29එබැවින් පිලාත් ඔවුන් වෙත පිටතට අවුත්, “මේ මිනිසාට විරුද්ධ ව ඔබ ඉදිරිපත් කරන චෝදනා මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය.
30“මේ මිනිහා අපරාධ කරන්නෙක් නො වේ නම්, ඔබතුමා වෙත අප මොහු පමුණුවන්නේ නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
31එවිට පිලාත් ඔවුන්ට කතා කරමින්, “නුඹලා ම මොහු ගෙන ගොස්, නුඹලාගේ නීතියට අනුව විනිශ්චය කරන්නැ” යි කීවේ ය.
යුදෙව්වරු, “කිසිවකු මරණයට පත් කරන්නට බලයක් අපට නැතැ” යි ඔහුට කීවෝ ය. 32මෙසේ වූයේ තමන් මියෙන්නේ කවර ආකාර මරණයකින් දැයි පෙන්වීමට යේසුස්වහන්සේ පවසා තිබූ වචනය සැබෑ වන පිණිස ය.
33එබැවින් පිලාත් යළි තම මැදුරට ඇතුල් ව, යේසුස්වහන්සේ කැඳවා, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසී ය.
34යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එය පවසන්නේ ඔබේ ම අදහසක් හැටියට ද? නැති නම් අන් අය මා ගැන ඔබට කී දෙයක් දැ?” යි ඇසූ සේක.
35පිලාත් පිළිතුරු දෙමින්, “කිම ද? මා යුදෙව්වෙක් ද? මට ඔබ බාර දුන්නේ ඔබේ ම ජාතිය හා නායක පූජකයොයි. මොනවද ඔබ කළේ?” යි ඇසී ය.
36යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වරුන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක.
37“එහෙනම් ඔබ රජ කෙනෙක්!” යැයි පිලාත් කීවේ ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා රජ කෙනෙකැයි ඔබ ම කියයි. මා ඉපදුණේ මේ අරමුණටයි; මා මෙලොවට ආවේත් මේ අරමුණටයි; සත්‍යයට සාක්ෂි දරන්නටයි. සත්‍යයෙන් වූ හැම කෙනෙක් ම මට සවන් දෙන්නේ යැ” යි පැවසූ සේක.
38“මොකක් ද සත්‍ය යැ?” යි පිලාත් ඇසී ය. ඔහු යළිත් යුදෙව්වරුන් වෙත පිටතට ගොස් ඔවුන් අමතා, “මොහු අත කිසි වරදක් මට නො පෙනේ. 39එනමුත් පාස්කු මංගල්‍යයේදී මා ඔබට එක් සිරකරුවකු නිදහස් කර දෙන සිරිතක් ඔබට තිබේ. යුදෙව්වන්ගේ රජ මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.
40“මේ මිනිසා නො වේ; අපට බරබ්බස් දෙන්නැ” යි ඔවුහු යළිත් ඝෝෂා කරන්නට වන්හ. ඒ බරබ්බස් මංකොල්ලකරුවෙකි.
Valið núna:
යොහන් 18: SCV
Áherslumerki
Deildu
Afrita
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: