ක්‍රියා 19:11-12

ක්‍රියා 19:11-12 SCV

දෙවියන්වහන්සේ පාවුල් මගින් අසාමාන්‍ය හාස්කම් සිදු කළ සේක. පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.