Logo de YouVersion
Ícono Búsqueda

මලාකී 4

4
මහා දවස
1“මෙන්න! ඒ දවස පැමිණේ. එය පෝරනුවක් මෙන් ඇවිළේ. සියලු අහංකාරීන් හා දුෂ්ටකම් කරන හැමකකු ම පිදුරු ය. පැමිණෙන ඒ දවස ඔවුන්ට ගිනි තබනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට ඔවුන්ට මුලක්වත්, අත්තක්වත් ඉතිරි වන්නේ නැත. 2එහෙත් මගේ නාමයට ගෞරව දක්වන ඔබට, දමිටුකමේ හිරු, තම පියාපත්වල සුවය දරාගෙන උදාවන්නේ ය. එවිට ඔබ, ගාලෙන් ලිහා එළිමහනට යැවූ වසු පැටවුන් මෙන් දුවනු පනිනු ඇත. 3එවිට ඔබ දුෂ්ටයින් පයින් පාගා දමනු ඇත. ඔවුන් ඔබේ යටි පතුල් යට අළු බවට පත් වන්නේ ය. එසේ වන්නේ මා මේ දෑ සූදානම් කරන දවස්හි දී යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
4“මගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාව සිහි කරන්න. මුළු ඉශ්‍රායෙල් සඳහා හොරේබ්හි දී මා ඔහුට අණ කළ නියෝග සහ නියමයන් සිහි කරන්න.
5“මෙන්න! ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස එළැඹෙන්නට පෙර මම දිවැසිවර එලියා ඔබ වෙත එවන්නෙමි. 6ඔහු පියවරුන්ගේ හදවත් තම දරුවන් වෙත ද දරුවන්ගේ හදවත් තම පියවරුන් වෙත ද හරවනු ඇත්තේ මා අවුත්, විනාශයක නියමයකින් දේශයට පහර නො දෙන පිණිස ය.”

Actualmente seleccionado:

මලාකී 4: SCV

Destacar

Compartir

Comparar

Copiar

None

¿Quieres guardar tus resaltados en todos tus dispositivos? Regístrate o Inicia sesión

Video de මලාකී 4