1
උත්පත්ති 37:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
යෝසෙප් සිහිනයක් දුටුවේ ය. ඔහු තම සහෝදරයින්ට එය පැවසූ කල, ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර කරන්නට වූහ.
Sammenlign
Udforsk උත්පත්ති 37:5
2
උත්පත්ති 37:3
ඉශ්රායෙල් තමාගේ අන් හැම පුතකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කළේ ය. ඒ, තමාගේ මහලු වයසේ උපන් පුත්‍රයා ඔහු බැවිනි. එබැවින් ඔහු නා නා වර්ණ කබායක් ඔහුට සාදවා දුන්නේ ය.
Udforsk උත්පත්ති 37:3
3
උත්පත්ති 37:4
තම පියා තමන් කවරකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කරන වග දුටු ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළෝ, එක් වචනයකුදු කාරුණික ව ඔහුට කතා කිරීමට අපොහොසත් වූහ.
Udforsk උත්පත්ති 37:4
4
උත්පත්ති 37:9
පසුව, ඔහු තවත් සිහිනයක් දුටුවේ ය. ඔහු එය ද තම සහෝදරයින්ට කීවේ ය. “මේ අහන්න. මා තවත් සිහිනයක් දැක්කා. මෙන්න, හිරුත්, සඳුත්, තරු එකොළහකුත් මට වැඳ වැටුණා” යි කී ය.
Udforsk උත්පත්ති 37:9
5
උත්පත්ති 37:11
ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කරන්නට වූහ. එහෙත් ඔහුගේ පියා එය සිත්හි තබා ගත්තේ ය.
Udforsk උත්පත්ති 37:11
6
උත්පත්ති 37:6-7
ඔහු ඔවුන් අමතමින්, “මේ අහන්න! මා දුටු සිහිනය මෙයයි: අපි කෙතේ ගොයම් මිටි බඳිමින් හිටියා. මෙන්න! එකපාරට ම මගේ ගොයම් මිටිය නැගිට, කෙළින් අතට සිටගත්තා. එවිට ඔබේ ගොයම් මිටි, මගේ මිටිය වටේට රැස් වී, ඊට වැඳ වැටුණා යැ” යි පැවසී ය.
Udforsk උත්පත්ති 37:6-7
7
උත්පත්ති 37:20
දැන් වරෙල්ලා, ඔහු මරා, මේ වළක දමා, වන මෘගයකු ඔහු කා දැමුවා යැයි කියමු. එවිට, ඔහුගේ ස්වප්නවලට කුමක් වේ දැයි බලමු” යි කතිකා කර ගත්හ.
Udforsk උත්පත්ති 37:20
8
උත්පත්ති 37:28
මෙසේ මිදියන් වෙළඳුන් එතැන පසු කර යද්දී, යෝසෙප් වළෙන් ගොඩ ගත් ඔවුහු, රිදී කාසි විස්සකට ඉෂ්මායෙල්වරුන්ට ඔහු වික්කෝ ය. ඔවුහු යෝසෙප් ඊජිප්තුවට ගෙන ගියහ.
Udforsk උත්පත්ති 37:28
9
උත්පත්ති 37:19
ඔවුහු එකිනෙකා අමතමින්, “මෙන්න එනවා ස්වප්නකාරයා!
Udforsk උත්පත්ති 37:19
10
උත්පත්ති 37:18
එහෙත් ඈතදීම ඔහු එනු දුටු ඔවුහු, තමන් අසලට ඔහු එන්නටත් පෙර, ඔහු මරා දැමීමට කුමන්ත්‍රණ කළහ.
Udforsk උත්පත්ති 37:18
11
උත්පත්ති 37:22
ලේ වගුරු වන්න එපා. මේ පාළුකරයේ මේ වළට ඔහු තල්ලු කරපල්ලා. ඒත්, ඔහුගේ ජීවිතයට අත නො තියල්ලා” යි කීවේ ය. රූබෙන් එසේ කීවේ පසුව මොවුන් අතින් ඔහු මුදා, තම පියා වෙත ඔහු ආපසු ගෙන යෑමේ අටියෙනි.
Udforsk උත්පත්ති 37:22