1
උත්පත්ති 25:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ස්වාමින්වහන්සේ, “ජාතීන් දෙකක් ඔබ කුස තුළ වෙති. ජනයින් දෙවර්ගයක් ඔබ තුළින් බෙදී යනු ඇත. එක් ජනතාවක් අනෙකට වඩා ප්‍රබල වනු ඇත. වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට පැවසූ සේක.
Sammenlign
Udforsk උත්පත්ති 25:23
2
උත්පත්ති 25:30
ඔහු යාකොබ් අමතමින්, “හනිකට ඔය රතු පාට ව්‍යංජනයෙන් ටිකක් මට දෙන්න. මා හාමතේ” යි කී ය. ඒදොම් නමින් ඔහු අමතනු ලබන්නේ එබැවිනි.
Udforsk උත්පත්ති 25:30
3
උත්පත්ති 25:21
ඇය වඳ ස්ත්‍රියක වූ බැවින්, ඊසාක් තම බිරිඳ උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ යාච්ඤාව ඇසූ නිසා, ඔහුගේ බිරිඳ රෙබෙකා ගැබ් ගත්තා ය.
Udforsk උත්පත්ති 25:21
4
උත්පත්ති 25:32-33
එවිට ඒසව්, “හාමතේ මා මැරෙන්නට යද්දී, ජන්ම උරුමයෙන් මට ඇති සෙත කුමක් දැ?” යි කීවේ ය. එහෙත් යාකොබ්, “පළමු කොට මට දිවුරන්නැ” යි කීවේ ය. එවිට ඒසව් තම ජන්ම උරුමය විකුණමින්, දිවුරුමක් මගින් ඔහුට ශපථ කළේ ය.
Udforsk උත්පත්ති 25:32-33
5
උත්පත්ති 25:26
ඉන්පසු ඔහුගේ සහෝදරයා බිහි වූයේ ය. ඔහු ඒසව්ගේ විලුඹ තම අතින් ග්රහණයෙන් ගෙන සිටියේ ය. එබැවින් ඔහුට යාකොබ් යන නම තැබිණ. රෙබෙකා මොවුන් බිහි කරන කල, ඊසාක් හැටවන වියෙහි පසු විය.
Udforsk උත්පත්ති 25:26
6
උත්පත්ති 25:28
දඩමස් ප්‍රිය කළ ඊසාක් ආදරය කළේ ඒසව්ට ය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරය කළා ය.
Udforsk උත්පත්ති 25:28