لۆگۆی یوڤێرژن
ئایکۆنی گەڕان

මතෙව් 1

1
යේසුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය
1ආබ්‍රහම්ගේ පුත්‍ර, දාවිත්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය:
2ආබ්‍රහම්, ඊසාක්ගේ පියා ය.
ඊසාක්, යාකොබ්ගේ පියා ය.
යාකොබ්, යූදා හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය.
3යූදා, පෙරෙස්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමාර් ය.
පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය.
හෙස්රොන්, රාම්ගේ පියා ය.
4රාම්, අම්මිනාදාබ්ගේ පියා ය.
අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය.
නාෂොන්, සල්මොන්ගේ පියා ය.
5සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්ගේ මව රාහාබ් ය.
බෝවස්, ඕබේද්ගේ පියා ය. ඕබේද්ගේ මව රූත් ය.
ඕබේද්, යෙස්සේගේ පියා ය.
6යෙස්සේ, දාවිත් රජුගේ පියා ය.
දාවිත්, සාලමොන්ගේ පියා ය. මව ඌරියාගේ භාර්යාව ය.
7සාලමොන්, රෙහොබොවම්ගේ පියා ය.
රෙහොබොවම්, අබියාගේ පියා ය.
අබියා, ආසාගේ පියා ය.
8ආසා, යෙහෝෂාෆාට්ගේ පියා ය.
යෙහෝෂාෆාට්, යෙහෝරාම්ගේ පියා ය.
යෙහෝරාම්, උස්සියාගේ පියා ය.
9උස්සියා, යෝතාම්ගේ පියා ය.
යෝතාම්, ආහාස්ගේ පියා ය.
ආහාස්, හෙසකියාගේ පියා ය.
10හෙසකියා මනස්සේගේ පියා ය.
මනස්සේ, ආමොන්ගේ පියා ය.
ආමොන්, යොසියාගේ පියා ය.
11යොසියා, යෙකොනියාගේ#1:11 එනම් යෙහෝයාකීන්; 12 වෙනි පදයේ ද එසේ ම ය. හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. ඒ, බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ කාලය ය.
12බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ පසු:
යෙකොනියා, ෂෙයල්තියෙල්ගේ පියා ය.
ෂෙයල්තියෙල්, සෙරුබ්බාබෙල්ගේ පියා ය.
13සෙරුබ්බාබෙල්, අබියුද්ගේ පියා ය.
අබියුද්, එලියාකීම්ගේ පියා ය.
එලියාකීම්, ආසොර්ගේ පියා ය.
14ආසොර්, සාදෝක්ගේ පියා ය.
සාදෝක්, ආකීම්ගේ පියා ය.
ආකීම්, එලියුද්ගේ පියා ය.
15එලියුද්, එලෙයාසර්ගේ පියා ය.
එලෙයාසර්, මත්තාන්ගේ පියා ය.
මත්තාන්, යාකොබ්ගේ පියා ය.
16යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.
17මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා මුළු පරම්පරා ගණන දහ හතරකි. දාවිත් පටන් බබිලෝනියට පිටුවහල් කිරීම දක්වා පරම්පරා දහ හතරකි. පිටුවහල් කිරීමේ සිට ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දහ හතරකි.
විවාහ ගිවිසුම හා සිහිනය
18යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මගින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ. 19ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමති ව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය.
20එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් ඔහුට පෙනී, “යෝසෙප්, දාවිත්ගේ පුත්‍රය, ඔබේ භාර්යාව වන මරියා ආවාහ කර ගන්නට බය නො වන්න. මන්ද ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයාණන් මගින් වූවකි. 21ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස්#1:21 ස්වාමින්වහන්සේ ගලවන සේක යන අරුතැති යෝෂුවා යන නමෙහි ග්‍රීක යෙදුම යේසුස් නම් වේ. යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.
22මේ සියල්ල සිදු වූයේ දිවැසිවරයා ලවා, ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඉටු වන පිණිස ය. 23එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් යන නම උන්වහන්සේට තබනු ඇත”#1:23 යෙසා 7;14 යන්නයි. එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි.
24යෝසෙප් නින්දෙන් අවදි වූ පසු, ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට අණ කළ පරිදි කරමින්, ඇය තම භාර්යාව කොට ආවාහ කර ගත්තේ ය. 25එහෙත් ඇය පුතකු බිහි කරන තුරු ඔහු ඇය හා එක්වූයේ නැත. ඔහු උන්වහන්සේට යේසුස් යැයි නම් තැබී ය.

دیاریکراوەکانی ئێستا:

මතෙව් 1: SCV

بەرچاوکردن

هاوبەشی بکە

بەراوردکردن

لەبەرگرتنەوە

None

دەتەوێت هایلایتەکانت بپارێزرێت لەناو ئامێرەکانتدا> ? داخڵ ببە