لۆگۆی یوڤێرژن
ئایکۆنی گەڕان

සෙකරියා 2

2
මනින ලනුව ඇති මනුෂ්‍යයා නම්වූ දර්ශනය
1තවද මා ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් මනින ලනුවක් තමාගේ අතේ ඇතුව ඉන්නවා දුටිමි. 2එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුසලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය. 3එවිට මා සමග කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට: 4නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය. 5මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය. 6හෝ, හෝ, උතුරු දේශයේ සිට පලා එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම ආකාශයේ සතර දිග හුළං මෙන් නුඹලා විසිරෙවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 7මෙන්න, බබිලෝන් දුව වෙත වසන සියොන්, මිදී වරෙන්න. 8මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය. 9එසේය, මම ඔවුන්ට විරුද්ධව මාගේ අත සොලවන්නෙමි, ඔව්හු තමුන්ට මෙහෙකළවුන්ට කොල්ලයක් වන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේ මා යැවූ බව නුඹලා දැනගන්නවා ඇත. 10සියොන් දුවණියෙනි, ගී කියා ප්‍රීතිවෙන්න. මක්නිසාද මම ඇවිත් නුඹ තුළෙහි වාසයකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 11ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය. 12ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක. 13මාංසමයවූ සියල්ලෙනි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවෙන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගුටුණුසේක.

دیاریکراوەکانی ئێستا:

සෙකරියා 2: SROV

بەرچاوکردن

لەبەرگرتنەوە

بەراوردکردن

هاوبەشی بکە

None

دەتەوێت هایلایتەکانت بپارێزرێت لەناو ئامێرەکانتدا> ? داخڵ ببە