1
යොහන් 19:30
සිංහල කාලීන පරිවර්තනය
SCV
යේසුස්වහන්සේ එය දිව ගෑ පසු, “එය නිම වියැ” යි පවසමින් හිස පහත හෙළා, තම ආත්මය අත් හළ සේක.
তুলনা করুন
Explore යොහන් 19:30
2
යොහන් 19:28
පසුව, යේසුස්වහන්සේ දැන් සියල්ල සම්පූර්ණ ව ඇති බැව් දැන, ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස, “මට පිපාසයි” කී සේක.
Explore යොහන් 19:28
3
යොහන් 19:26-27
තම මෑණියන් ද තමන් ප්‍රේම කළ ගෝලයා ද තමන් අසල සිටිනු දුටු යේසුස්වහන්සේ මෑණියන් අමතා, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා යැ” යි පවසා, එම ගෝලයා දෙසට හැරී, “මෙන්න ඔබේ මෑණියන්” යි කී සේක. ඒ පැයේ පටන් එම ගෝලයා තම නිවසට ඇය පිළිගත්තේ ය.
Explore යොහන් 19:26-27
4
යොහන් 19:33-34
එහෙත් ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, උන්වහන්සේ ඒ වන විටත් මිය ගොස් සිටි වග දැක, උන්වහන්සේගේ කකුල් නො කැඩූහ. එසේ වුවත් හේවායින්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එසැණේ ම ලේත්, වතුරත් එතැනින් ගලා ආවේ ය.
Explore යොහන් 19:33-34
5
යොහන් 19:36-37
මේ දේවල් සිදු වූයේ, “උන්වහන්සේගේ එක ඇටයකුදු බිඳිනු නො ලැබේ” යන ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය. තවද, “ඔවුන් ඇන, සිදුරු කළ තැනැත්තා දෙස ඔවුන් බලනු ඇතැ” යි තවත් ශුද්ධ ලියවිලි පාඨයකින් කියැවේ.
Explore යොහන් 19:36-37
6
යොහන් 19:17
උන්වහන්සේ තම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානය වෙත ගිය සේක.
Explore යොහන් 19:17
7
යොහන් 19:2
හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිස මත තබා, දම් පැහැති ලෝගුවක් හඳවා
Explore යොහන් 19:2