ගණන් 23
23
බාලාම්ගේ පළමු කියමන
1ඉන්පසු බාලාම්, බාලාක්ට කතා කොට, “මට මෙහි පුදසුන් හතක් තනන්න. ගවයින් හත් දෙනෙක් හා බැටළුවන් හත් දෙනෙක් මට සූදානම් කර දෙන්නැ” යි කීවේ ය. 2බාලාම් කී ලෙස බාලාක් කළ පසු, ඔවුන් දෙදෙන එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළෝ ය.
3ඉන්පසු බාලාක් ඇමතූ බාලාම්, “මා ඔබ්බට යන අතරේ ඔබ, ඔබේ යාගය පසෙකින් සිටින්න. ඇතැම් විට ස්වාමින්වහන්සේ මා හමුවට ඒවි. උන්වහන්සේ මට හෙළි කරන කවරක් වුව, මම ඔබට කියන්නෙමි” යි කීවේ ය. ඉන්පසු ඔහු, පාළු උස් තැනකට ගියේ ය.
4එහිදී දෙවියන්වහන්සේ බාලාම්ට හමු විණි. “මම පුදසුන් හතක් සූදානම් කර, ඒ එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළෙමි” යි බාලාම් කීවේ ය.
5එවිට බාලාම්ගේ මුවෙහි වචනය තැබූ ස්වාමින්වහන්සේ, “බාලාක් වෙත ගොස්, ඔහුට ඔබ කිව යුත්තේ මෙය යැ” යි පැවසූ සේක.
6එබැවින් ඔහු බාලාක් වෙත ආපසු ගියේ ය. මෝවබ් ප්‍රභූන් සියල්ලන් සමඟ මෙන්න! බාලාක් තම පූජාව පසෙක සිටගෙන සිටියේ ය. 7එවිට බාලාම් තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය:
“මෝවබ්හි රජු බාලාක්, අරාම්හි සිට මා ගෙන්වී ය;
පෙරදිග කඳුකරයෙන් මා ගෙන්වී ය.
‘එන්න; මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න;
එන්න, ඉශ්රායෙල් ජනතාව හෙළා දකින්නැ’ යි ඔහු කීවේ ය.
8දෙවියන්වහන්සේ ශාප නො කළ අයට
ශාප කරන්නට මට හැකිදෝ?
ස්වාමින්වහන්සේ හෙළා දුටුවේ නැති අය
හෙළා දකින්නට මට හැකිදෝ?
9ගිරි මුඳුන්හි සිට ඔවුන් මට පෙනේ.
උස් තැන්හි සිට මම ඔවුන් දෙස බලමි.
ජාතීන් අතරට තුමූම නො ගැනෙන,
වෙන් වී වෙසෙන ජනතාවක් මට පෙනේ.
10යාකොබ්ගේ දූලි ගැණිය හැක්කේ කවරකුට ද?
නැතහොත්, ඉශ්රායෙල් ජනයාගෙන් හතරෙන් කොටසක් ගැණිය හැක්කේ කවරකුට ද?
මගේ මරණය, ධර්මිෂ්ඨයින්ගේ මරණය මෙන් වේවා.
මගේ අවසානය, ඔවුන්ගේ මෙන් වේවා!”
11එවිට බාලාක්, බාලාම් අමතමින්, “මොකක් ද නුඹ මට මේ කළේ? මා නුඹ ගෙන්වූයේ, මගේ සතුරනට ශාප කරන්නටයි. එහෙත් නුඹ කළේ ඔවුන්ට ආශිර්වාද කිරීම යැ” යි කීවේ ය.
12“ස්වාමින්වහන්සේ මගේ මුවෙහි තබන දේ මා පැවසිය යුතු නො වේ දැ?” යි බාලාම් පිළිතුරු දුන්නේ ය.
බාලාම්ගේ දෙවන කියමන
13ඉන්පසු බාලාක් ඔහු අමතමින්, “වෙනත් තැනකට මා සමඟ එන්න; එහිදී ඔබට ඔවුන් දැකිය හැකියි. ඔවුන් සැවොම නො ව, ඔවුන්ගෙන් කොටසක් දැකිය හැකියි. එහි සිට මා වෙනුවෙන් ඔවුනට ශාප කරන්නැ” යි කීවේ ය. 14මෙසේ ඔහු පිස්ගා කඳු මුඳුනේ වූ සොෆීම් පිට්ටනියට බාලාම් කැඳවාගෙන ගොස්, පුදසුන් හතක් එහි තනා, ඒ එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළේ ය.
15ඉන්පසු බාලාක් ඇමතූ බාලාම්, “මා ඔබ්බට ගොස්, ස්වාමින්වහන්සේ හමුවන අතරේ ඔබ මෙහි ඔබේ පූජාව පසෙකින් සිටින්නැ” යි කීවේ ය.
16එවිට බාලාම් හමු වූ ස්වාමින්වහන්සේ, ඔහුගේ මුවෙහි වචනයක් තැබූ සේක්, “බාලාක් වෙත ආපසු ගොස්, ඔබ ඔහුට කිව යුත්තේ මෙය යැ” යි කී සේක.
17එබැවින් ඔහු බාලාක් වෙත ආපසු ගියේ ය. මෙන්න! බාලාක් තම පූජාව පසෙක සිටගෙන සිටියේ ය. මෝවබ් ප්රභූහු, ඔහු සමඟ වූහ. “ස්වාමින්වහන්සේ කුමක් කී සේක් දැ?” යි බාලාක් ඇසී ය.
18එවිට බාලාම් තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය:
“නැගිටිනු, බාලාක් මේ අසනු.
සිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙනු.
19බොරු කියන්නට දෙවියන්වහන්සේ මිනිසකු නො වේ.
අදහස වෙනස් කර ගන්නට උන්වහන්සේ මිනිස්-පුතකු ද නො වේ.
උන්වහන්සේ කියන දේ නො කරන සේක් ද?
පොරොන්දු වන දේ, ඉටු නො කරන සේක් ද?
20ඔන්න! ආශිර්වාද කරන්නට මට අණක් ලැබී ඇත:
උන්වහන්සේ ආශිර්වාද කර ඇත. මට එය වෙනස් කරන්නට බැරි ය.
21“කිසි දුර්-භාග්‍යයක්, යාකොබ් තුළ දකින්නට නැත.
කිසි දුඃඛිතකමක්, ඉශ්රායෙල් වෙත පෙනෙන්නට නැත.
ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වෙති.
රාජකීය ඔල්වර හඬ ඔවුන් අතරේ ඇත.
22ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආවේ දෙවියන්වහන්සේ ය.
කුළු හරකකුගේ ශක්තිය ඔවුනට ඇත්තේ ය.
23යාකොබ් පෙළපතට එරෙහිව කිසි අනවිනයක් නැත.
ඉශ්රායෙල් ජනයාට එරෙහිව කිසි පේන කීමක් නැත.
යාකොබ් පෙළපත් ගැන, ඉශ්රායෙල් ජනයා ගැන, දැන් කියනු ලබන්නේ,
‘බලන්න! දෙවියන්වහන්සේ කර ඇති දේ!’ යනුවෙනි.
24මෙන්න! සිංහ දෙනක සේ නැගී සිටින ජනතාවක්;
තම දඩයම කා දමන තුරු, තම ගොදුරෙහි ලේ ටික බොන තුරු,
වැතිර නො ගන්න සිංහයකු සේ
මොවුහු තමන් ම පුබුදුවා ගනිති.”
25එවිට බාලාක්, “ඔවුන්ට කොහෙත් ම ශාපවත්, කොහෙත් ම ආශිර්වාදවත් නො කරනු” යි බාලාම්ට කීවේ ය.
26බාලාම් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ පවසන කවරක් වුව ද, මා කළ යුතු වග මම ඔබට නො කීවෙම් දැ?” යි කීවේ ය.
බාලාම්ගේ තෙවන කියමන
27ඉන්පසු බාලාක්, බාලාම් අමතමින්, “එන්න, මම වෙනත් තැනකට ඔබ ගෙන යන්නම්. එහි සිට, මා වෙනුවෙන් ඔවුනට ශාප කරන්නට ඇතැම් විට දෙවියන්වහන්සේ කැමති වනු ඇතැ” යි කීවේ ය. 28මෙසේ බාලාක්, පාළුකරය පෙනෙන පෙයෝර් කඳු මුඳුනට බාලාම් කැඳවාගෙන ගියේ ය.
29“මට මෙහි පුදසුන් හතක් තනන්න. ගවයින් හත් දෙනෙක් හා බැටළුවන් හත් දෙනෙක් මට සූදානම් කරන්නැ” යි බාලාම් කී ය. 30බාලාම් පවසා තිබූ පරිදි කළ බාලාක්, එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළේ ය.
موجودہ انتخاب:
ගණන් 23: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: