ලෙවී 5
5
1“ ‘යමෙක් තමා දුටු හෝ දන්නා හෝ කරුණක් ගැන සාක්ෂි දීමේ නියමය ඇසූ පසුත්, ඒ ගැන මුනිවත රකී නම්, ඔහු පව් කරයි. එහි විපාකය ඔහු දැරිය යුතු ය.
2“ ‘යමෙක්, අපවිත්‍ර වන සතකුගේ හෝ අපවිත්‍ර හීලෑ සතකුගේ හෝ අපවිත්‍ර උරගයකුගේ හෝ යන වශයෙන් අපවිත්‍ර සත්ව මළකුණක් ස්පර්ශ කළහොත්, ඔහු ඒ ගැන නො දැන සිටිය ද, එයින් ඔහු අපවිත්‍ර ව, වරදකරුවකු වෙයි. 3නැතහොත්, මිනිස් අපවිත්‍රතාවක් හෙවත් කෙනකු අපවිත්‍ර කරන යමක ස්පර්ශ වුවහොත්, ඒ වග නො දැන සිටිය ද, එය දැනගත් කල, ඔහු වරදකරුවකු වෙයි. 4තවද, යමෙක් ඉක්මන් වී හොඳක් හෝ නරකක් හෝ කිරීමට දිවුළහොත්, එනම් නො සැලකිල්ලෙන් කවර හෝ දිවිරීමක් කළහොත්, ඔහු ඒ ගැන නො දැන සිටියත්, එය දැනගත් කල වරදකරුවෙක් වෙයි. 5එකී අයුරකින් යමකු වරදකරුවකු වූ කල, තමා කළ පාපය ගැන ඔහු පාපොච්චාරණ කළ යුතු ය. 6තමා කළ පාපයට වන්දියක් වශයෙන් ඔහු තම රංචුවෙන් එළු හෝ බැටළු හෝ ගැහැනු පැටවක ස්වාමින්වහන්සේ වෙත පාප පූජාවක් වශයෙන් ගෙන ආ යුතු ය. ඔහුගේ පාප උදෙසා, පාප වන්දි නිවාරණය, පූජකයා ඉටු කළ යුතු ය.
7“ ‘එසේ බැටළු පැටවකු සැපයීමට පුළුවන්කමක් ඔහුට නැති නම්, තම පාපයට වන්දි වශයෙන් ඔහු කොබෙයි දෙදෙනකු හෝ පරෙවි පැටවුන් දෙදෙනකු හෝ ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු ය. ඉන් එකකු පාප පූජාවක් වශයෙනි; අනෙකා දවන යාග පූජාවක් වශයෙනි. 8ඔහු, පූජකයා වෙත උන් ගෙන ආ යුතු ය. පූජකයා පළමු ව පිදිය යුත්තේ පාප පූජාවයි. ඔහු ගෙල ළඟින් උගේ හිස කඩා, මුළුමනින් එය වෙන් නො කොට, 9පාප පූජාවේ ලේ ස්වල්පයක් පූජාසනයේ පැත්තකට ඉස, ඉතිරි ලේ, පූජාසනය පාමුල වැගිරිය යුතු ය. එය පාප පූජාවකි. 10පූජකයා ඉන්පසු, නියමිත පරිදි දවන යාග පූජාවක් කොට අනෙකා ඔප්පු කරමින්, ඒ මිනිසා කර තිබූ පාපය උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. එමඟින් ඔහුට කමා කෙරේ.
11“ ‘කොබෙයියන් හෝ පරෙවි පැටවුන් හෝ දෙදෙනකු සැපයීමට යම් හෙයකින් ඔහුට පුළුවන්කමක් නැති නම්, තම පාපය උදෙසා පාප පූජාවක් වශයෙන් ඔහු සිහින් පිටි ඒෆාවකින් දහයෙන් කොටසක් ගෙන ආ යුතු ය. එය පාප පූජාවක් බැවින් තෙල් හෝ කට්ටකුමංජල් හෝ ඊට එක් නො කළ යුතු ය. 12ඔහු ඒවා පූජකයා වෙත ගෙන ආ යුතු ය. පූජකයා, සිහි කිරීමේ පංගුව වශයෙන් ඉන් අහුරක් ගෙන, ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන ලද පිදුම්වලට උඩින් තබා, පූජාසනය මත දවාලිය යුතු ය. එය පාප පූජාවකි. 13ඔහු කර තිබූ පෙර කී පාප උදෙසා, පූජකයා මෙපරිදි පාප වන්දි නිවාරණය ඉටු කරයි. එමඟින් ඔහුට කමාව ලැබේ. ධාන්‍ය පූජාවේදී සේ ම, මෙහිදී ද පූජාවේ ඉතිරිය පූජකයා සතු ය.’ ”
වරද නිවාරණ පූජා
14 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 15“යමෙක් ස්වාමින්වහන්සේගේ ශුද්ධ දෙයක් සම්බන්ධ ව අවිශ්වාසවන්ත ව නො කටයුත්තක් කරමින්, නො දැනුවත් ව පව් කළොත්, ඊට වන්දි වශයෙන් ඔහු තම රංචුවෙන් කැළැල් රහිත බැටළුවකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු ය. බැටළුවා ශුද්ධස්ථානයේ වලංගු මිලය වූ ෂෙකෙලයට අනුව රිදී කාසියෙන් නිසි පරිදි තක්සේරු කරන ලද්දක් විය යුතු ය. එය වරද නිවාරණ පූජාවකි. 16ශුද්ධ දෑ සම්බන්ධයෙන් වූ වරදට ඔහු වන්දි ගෙවිය යුතු ය. තක්සේරු වටිනාකමින් පහෙන් එකක් ද ඊට එකතු කර, සියල්ල පූජකයාට දිය යුතු ය. පූජකයා වරද නිවාරණ පූජාවක් වශයෙන් බැටළුවා යාග කරමින්, ඔහු උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කරනු ඇත. එමඟින් ඔහුට කමා කෙරේ.
17“යමෙක්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ඔහු එය නො දැන සිටියේ වුව ඔහු වරදකරුවකු වෙයි. එහි විපාකය ඔහු දැරිය යුතු ය. 18ඔහු වරද නිවාරණ පූජාවක් වශයෙන්, තම රංචුවෙන් නිසි තක්සේරුවකින් යුතු, කැළැල් රහිත බැටළුවකු පූජකයා වෙත ගෙන ආ යුතු ය. මෙසේ, ඔහු නො දැනුවත් ව වැරදීමකින් කරන ලද වරද උදෙසා, පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කරයි. එමඟින් ඔහුට කමා කෙරේ. 19එය වරද නිවාරණ පූජාවකි. මන්ද, ස්වාමින්වහන්සේට එරෙහිව කළ වරද නිසා ඔහු වරදකරුවකු ව සිටියේ යැ” යි පැවසූ සේක.
موجودہ انتخاب:
ලෙවී 5: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: