යෝෂුවා 20
20
අභය නගර
1ඉන්පසු ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, 2“ඉශ්‍රායෙල් ජනයාට මෙසේ කියන්න; මෝසෙස් මගින් ඔබට නියම කළ ලෙස, අභය පුරවර නියම කරන්න. 3ඒ, කලින් අදහස් නො කර හෝ අත්වැරැද්දකින් යම් කෙනකු මරන කෙනකුට එහි පලා යා හැකි වන පිණිස ය. ඒවා ඔබට ලේ පළිය ගන්නා වෙතින් රක්ෂා ස්ථානයක් වෙයි. 4ඝාතකයා මේ පුරවරවලින් එකකට පලා ගොස්, එපුර පිවිසුම් දොරටුව ළඟ සිටගෙන එපුර වැඩිහිටියන්ට ඔහුගේ කාරණය පැහැදිලි කළ යුතු ය. එකල ඔවුහු පුරවරය තුළට ඔහු ගෙන ගොස්, නියමිත ස්ථානයක් ඔහුට දිය යුතු ය. ඔහු ඔවුන් අතරේ නැවතී සිටිය යුතු ය. 5ලේ පළිය ගන්නා ඔහු ලුහුබැඳ ආව ද, ඔවුන් මිනිස් ඝාතකයා ඔහු අතට හසුකර නො දිය යුතු ය. මන්ද එම අසල්වැසියා මරනු ලැබ ඇත්තේ අත්වැරැද්දකිනි. ඔවුන් අතරේ එදිරිවාදිකමක් තිබී නැති නිසා ය. 6ඔහු නඩු විභාගයට රැස්වන්නන් ඉදිරියේ සිටගන්නා තෙක්, ඒ කාලයේ සිටි උත්තම පූජකයාගේ මරණය තෙක් එපුර නැවතී සිටිය යුතු ය. ඉන්පසු ඔහුට තමාගේ නිවසට, තමා පලා ආ නගරයට ආපසු යා හැකි යැ” යි පැවසූ සේක.
7එබැවින් ඔවුහු නෆ්තලී කඳු රටේ ගලීලයේ කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද යූදා කඳු රටේ කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් ද ඒ සඳහා වෙන් කළහ. 8තවද ඔවුහු යෙරිකෝවට නැගෙනහිරින්, යොර්දානට එපිටින් රූබෙන් ගෝත්‍ර වංශයේ උස් කඳු තලාවේ පාළුකරයේ බෙසෙර් ද ගාද් ගෝත්‍ර වංශයේ ගිලියාද්හි රාමොත් ද මනස්සේ ගෝත්‍ර වංශයේ බාෂාන්හි ගෝලාන් ද ඊට වෙන් කළහ. 9ඉශ්‍රායෙල් යමකු හෝ ඔවුන් අතරේ වෙසෙන විදෙස්සකු හෝ අත්වැරැද්දකින් යමකු මැරුවොත්, සමාජය ඉදිරියේ විනිශ්චය කරනු ලැබීමට පෙර, ලේ පළිය ගන්නා විසින් ඔහු මරා නො දමන පිණිස, මෙසේ වෙන් කරන ලද පුරවරයකට පලා යෑමට ඔහුට පුළුවන.
موجودہ انتخاب:
යෝෂුවා 20: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.