යෝෂුවා 18
18
ඉතිරි දේශය බෙදීම
1ඉන්පසු සමස්ත ඉශ්රායෙල් සමූහයා, ෂීලෝහි දී එක් රැස් වී, හමුවීමේ කූඩාරම එහි පිහිටූහ. දේශය ඔවුන් ඉදිරියේ යටත් ව පැවතිණි. 2ඒ වන තෙක් ම තමන්ගේ උරුමය වෙන් කර දෙනු නො ලැබූ ඉශ්රායෙල් ජනතාව අතරේ ගෝත්ර හතක් ඉතිරි ව තිබිණ.
3එබැවින් යෝෂුවා, ඉශ්රායෙල්වරුන්ට කතා කොට, “ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් දේශයට ගොස්, එය අත්කර ගැනීම අතපසු කරමින්, ඔබ තව කොපමණ කලක් බලා සිටිනවා ද? 4එක් එක් ගෝත්ර වංශයෙන් තුන් දෙනකු බැගින් එවන්න. ඔවුන් පිටත් වී, දේශය මුළුල්ලේ යන පිණිස මම ඔවුන් යවන්නෙමි. ඔවුන්ගේ උරුමයට අදාළ ව ඔවුන් එහි වගතුග ලියා මා වෙත ආ යුතු ය. 5ඔවුන් දේශය කොටස් හතකට බෙදිය යුතු ය. යූදා දකුණු දෙස තමන්ගේ භූමි ප්රදේශයේ දිගට ම සිටිය යුතු ය. යෝසෙප් වංශය උතුරු දෙස තමන්ගේ භූමි ප්රදේශයේ දිගට ම සිටිය යුතු ය. 6ඔබ දේශය කොට්ඨාශ හතකට සලකුණු කර, එහි විස්තර මා වෙත මෙහි ගෙනෙන්න. එවිට අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ උදෙසා මම පස ඇට දමන්නෙමි. 7ලෙවීවරුන්ට ඔබ අතරේ උරුම කොටසක් ලැබෙන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේගේ පූජකත්වය ඔවුන්ගේ ප්රවේණියයි. ගාද්, රූබෙන් හා මනස්සේ ගෝත්ර අර්ධයට යොර්දානයෙන් එතෙර නැගෙනහිරින් දැනටමත් ඔවුන්ගේ උරුමය ලැබී ඇත. එය ඔවුන්ට දෙන ලද්දේ ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ය.”
8එබැවින් මිනිස්සු නැගිට, ඔවුන්ගේ ගමන පටන් ගත්හ. දේශයේ විස්තර ලියන්නට පිටත් ව ගියවුන්ට යෝෂුවා උපදෙස් දෙමින්, “දේශය ඉහළටත්, පහළටත් ගොස්, එහි විස්තර ලියා මා වෙත එවන්න. එවිට මම ෂීලෝහි දී ස්වාමින්වහන්සේ අබියස ඔබ උදෙසා පස ඇට දමන්නෙමි” යි පැවසී ය. 9එබැවින් මිනිසුන් පිටත් ව ගොස්, දේශය පුරා ගමන් කර, නගරයෙන් නගරයට දේශයේ පළාත් හතක විස්තර පොතක#18:9 පොතක එනම් අකුළන පොතක ලියා, ෂීලෝ කඳවුරේ සිටි යෝෂුවා වෙත ආපසු ආහ.
10යෝෂුවා ෂීලෝහි දී ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔවුන් උදෙසා පස ඇට දැම්මේ ය. එහිදී ඔහු දේශය ඉශ්රායෙල් ජනයාට ගෝත්රවලට අනුව එක් එක් කෙනාගේ කොටස බෙදා දුන්නේ ය.
බෙන්යමින් සඳහා වෙන් වූ කොටස
11බෙන්යමින් ජනයාගේ ගෝත්රයේ පස ඇටය එහි පෙළපත්වලට අනුව දැමූ කල, ඊට වෙන් කෙරුණු භූමි ප්රදේශය, යූදා ජනතාව හා යෝසෙප් ජනතාව අතරට වැටිණි;
12උතුරින් ඔවුන්ගේ දේශ සීමාව, ඇරඹුණේ යොර්දානයෙනි. එතැනින් දේශ සීමාව, යෙරිකෝවේ උතුරු බෑවුම දෙසට නැග, කඳුරට මැදින් බටහිරට ගොස්, බෙත්-ආවෙන් පාළුකරයෙන් කෙළවර විය. 13එතැනින් දේශ සීමාව දකුණු දෙසට ලූස් දෙසට, ලූස් හෙවත් බෙතෙල් බෑවුම වෙත ද එතැනින් දේශ සීමාව පහළ බෙත්-හෝරෝන්ට දකුණෙන් පිහිටි කන්දේ අටාරොත්-අද්දාර් දක්වා පහළට යැවිණ.
14එතැනින් දේශ සීමාව වෙනත් දිසාවකට යයි. බෙත්-හෝරෝන් ඉදිරිපිට දකුණට පිහිටි කන්දේ සිට දකුණු දෙසට මුහුණ ලා බටහිරට හැරී, කිරියත්-බාල් හෙවත් කිරියත්-යෙයාරීම්හි දී කෙළවර වෙයි. එය යූදා ජනයාට අයත් වූ නගරයකි. ඒ බස්නාහිර දිශාව ය.
15දකුණු දිශාව කිරියත්-යෙයාරීම් අවට පෙදෙසින් පටන් ගැනේ. එතැන් සිට දේශ සීමාව බටහිර දෙසට නෙෆ්තෝවා ජල උල්පත දක්වා යයි. 16දේශ සීමාව එතැන් සිට බෙන්-හින්නොම් මිටියාවතට ඉහළින් පිහිටි කන්දේ මායිම, මායිම් කරයි. එය පිහිටියේ රෙෆායිවරුන්ගේ මිටියාවතේ උතුරු කෙළවරේ ය. එතැනින් එය යෙබූසි පුරවරයේ දකුණු බෑවුම දිගේ හින්නොම් මිටියාවතට බැස, ඒන්-රොගේල් දක්වා විහිද ගියේ ය. 17එතැනින් එය උතුරු දෙසින් වක් වී, ඒන්-ෂෙමෙෂ් දක්වා ගොස්, එතැනින් අදුම්මීම් නැග්මට මුහුණ ලා පිහිටි ගෙලීලොත් දක්වාත් ගොස්, එතැනින් එය රූබෙන්ගේ පුත්ර බොහන්ගේ ගල දක්වා බැස යයි. 18එය බෙත්-අරාබා උතුරු බෑවුම තෙක් ඇදී, අරාබා දක්වා බසියි. 19එතැනින් දේශ සීමාව, බෙත්-හොග්ලා උතුරු බෑවුම පසු කර ගොස්, දේශ සීමාව දකුණු යොර්දාන් මෝයේ මළ මුහුදු උතුරු බොක්කේදී කෙළවර වෙයි. එය දකුණු දිශා දේශ සීමාව ය.
20නැගෙනහිර දේශ සීමාව වූයේ යොර්දානයයි.
මායිමෙන් මායිමට දිගට ම බෙන්යමින් ගෝත්රයේ පෙළපත්වලට අනුව වූ උරුමය මෙයයි.
21ඔවුන්ගේ පෙළපත්වලට අනුව බෙන්යමින් ගෝත්ර වංශික නගර;
යෙරිකෝ, බෙත්-හොග්ලා, ඒමෙක්-කෙසීස්, 22බෙත්-අරාබා, සෙමාරයිම්, බෙතෙල්, 23අව්වීම්, පාරා, ඔෆ්රා, 24කෙෆර්-අම්මොනී, ඔෆ්නී හා ගෙබා යන නගර දොළොස හා ඒවායේ ගම්මාන.
25ගිබෙයොන්, රාමා, බෙයේරොත්, 26මිස්පේ, කෙෆීරා, මොසා, 27රෙකෙම්, ඉර්පෙයෙල්, තරලා, 28සේලා හා-එලෙෆ්, යෙබූසීය නුවර (යෙරුසලම), ගිබෙයා හා කිරියත්#18:28 කිරියත් එනම් කිරියත්-යෙයාරීම් යන නගර දාහතර හා ඒවායේ ගම්මාන.
පෙළපත්වලට අනුව බෙන්යමින් ගෝත්රයේ උරුමය මෙයයි.
موجودہ انتخاب:
යෝෂුවා 18: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.