යෝෂුවා 12

12
පැරදුණු රජවරු
1ඉශ්‍රායෙල් ජනයා විසින් පරාජය කරන ලදුව, යොර්දානෙන් එතෙර නැගෙනහිර අරාබාහි මුළු පෙදෙස ඇතුළු ව අර්ණොන් දොරුව පටන් හෙර්මොන් කන්ද දක්වා ඔවුන් විසින් අල්ලා ගන්නා ලද දේශයේ රජවරු මොවුහු ය:
2සීහොන්, අමෝරිවරුන්ගේ රජ; ඔහු රජකම් කළේ හෙෂ්බෝන්හි ය.
ඔහු අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුවේ මැද පටන් අම්මොන්වරුන්ගේ දේශ සීමාව වූ යබ්බොක් නදිය දක්වා පාලන කළේ ය. එය ගිලියාද්හි අඩකි.
3ඔහු කින්නෙරෙත් මුහුද පටන් ලුණු මුහුද වන අරාබා මුහුද දක්වා හා බෙත්-යෙෂීමොත් දක්වා නැගෙනහිර අරාබාව ද පිස්ගා බෑවුමට පහළින් දකුණු දිසාව ද පාලන කළේ ය.
4ඕග් බාෂාන්හි රජු; රෙෆායිවරුන්ගේ අන්තිමයකු වූ ඔහු අෂ්තාරෝත්හි හා එද්රෙයිහි රජකම් කළේ ය.
5ඔහු හෙර්මොන් කන්ද හා සලෙකා ද ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමාව දක්වා වූ මුළු බාෂාන් ද හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ගේ දේශ සීමාව දක්වා වූ ගිලියාද්හි අඩක් ද පාලන කළේ ය.
6 ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් හා ඉශ්‍රායෙල්වරු ඔවුන් පරාජය කළහ. ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, ඔවුන්ගේ එම දේශ රූබෙන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේ ගෝත්‍ර අර්ධයට ද උරුමයක් කොට බෙදා දුන්නේ ය.
7යොර්දානයට බටහිර ලෙබනොන් මිටියාවතේ බාල්-ගාද් පටන් සේයිර් දෙසට නැගෙන හාලක් කන්ද දක්වා යෝෂුවා හා ඉශ්‍රායෙල්වරුන් අතින් පරාජය වූ දේශයේ රජවරුන් මොවුහු ය. ඔවුන්ගේ එම දේශ, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශවලට අනුව යෝෂුවා උරුමයක් කොට බෙදා දුන්නේ ය. 8ඒවා නම් කඳුරට, බටහිර කඳු බෑවුම්, අරාබා, නැගෙනහිර කඳු බෑවුම්, පාළුකරය හා නෙගෙබ් යන වශයෙන් වූ හිත්තිවරුන්ගේ, අමෝරිවරුන්ගේ, කානානිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශ වෙයි.
ඒ රජවරුන් නම්:
9යෙරිකෝවේ රජු එක් කෙනෙකි.
බෙතෙල් අසල ආයිහි රජු එක් කෙනෙකි.
10යෙරුසලමෙහි රජු එක් කෙනෙකි.
හෙබ්‍රොන්හි රජු එක් කෙනෙකි.
11යර්මූත්හි රජු එක් කෙනෙකි.
ලාකීෂ්හි රජු එක් කෙනෙකි.
12එග්ලොන්හි රජු එක් කෙනෙකි.
ගෙසෙර්හි රජු එක් කෙනෙකි.
13දෙබීර්හි රජු එක් කෙනෙකි.
ගෙදෙර්හි රජු එක් කෙනෙකි.
14හොර්මාහි රජු එක් කෙනෙකි.
අරාද්හි රජු එක් කෙනෙකි.
15ලිබ්නාහි රජු එක් කෙනෙකි.
අදුල්ලාම්හි රජු එක් කෙනෙකි.
16මක්කේදාහි රජු එක් කෙනෙකි.
බෙතෙල්හි රජු එක් කෙනෙකි.
17තප්පූවාහි රජු එක් කෙනෙකි.
හේෆෙර්හි රජු එක් කෙනෙකි.
18අෆේක්හි රජු එක් කෙනෙකි.
ලෂ්ෂාරොන්හි රජු එක් කෙනෙකි.
19මාදොන්හි රජු එක් කෙනෙකි.
හාසොර්හි රජු එක් කෙනෙකි.
20ෂිම්රෝන්-මෙරෝන්හි රජු එක් කෙනෙකි.
අක්ෂාෆ්හි රජු එක් කෙනෙකි.
21තානක්හි රජු එක් කෙනෙකි.
මෙගිද්දෝහි රජු එක් කෙනෙකි.
22කෙදෙෂ්හි රජු එක් කෙනෙකි.
කර්මෙල්හි යොක්නෙයාම් රජු එක් කෙනෙකි.
23නාෆොත්-දෝර්හි දෝර් රජු එක් කෙනෙකි.
ගිල්ගාල්හි, ගෝයිම්හි රජු එක් කෙනෙකි.
24තිර්සාහි රජු එක් කෙනෙකි.
ඒ රජවරුන් සියලු දෙනා ම තිස් එක් දෙනෙකි.

موجودہ انتخاب:

යෝෂුවා 12: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in