විනිසුරුවෝ 12

12
යෙෆ්තා හා එප්‍රායිම්
1ආයුධ සන්නද්ධ කරනු ලැබූ එප්‍රායිම් මිනිස්සු සාෆෝන් වෙත එතෙර වී, යෙෆ්තාට කතා කොට, “නුඹ සමඟ යන්නට අප නො කැඳවා, නුඹ අම්මොන්වරුන් සමඟ සටනට එතෙරට ගියේ මොකද? නුඹත් සමඟ නුඹේ ඉහට උඩින් නුඹේ ගෙයත් අපි ගිනිබත් කරන්නෙමු” යි කීහ.
2යෙෆ්තා පිළිතුරු දෙමින්, “මාත්, මගේ ජනයාත් අම්මොන්වරුන් සමඟ මහ අරගලයක් කළා. මා නුඹලාට හඬ ගැසූ නමුදු ඔවුන් අතින් නුඹලා මා මුදා ගත්තේ නැහැ. 3නුඹලා මට සහාය නො දෙන වග මා දුටු කල, මගේ ජීවිතය පරදුවට තබා, මා අම්මොන්වරුන් හා සටනට එතෙර ව ගියා. ස්වාමින්වහන්සේ ඔවුන් මගේ අත්වලට දුන්නා. එසේ නම්, නුඹලා අද දවසේ මට එරෙහිව සටනට ආවේ ඇයි දැ?” යි ඇසී ය.
4ඉන්පසු යෙෆ්තා, ගිලියාද්හි සියලු මිනිසුන් රැස් කරවා, එප්‍රායිම් හා සටන් වැදුණේ ය. “එම්බා ගිලියාද්වරුනි, නුඹලා, එප්‍රායිම් අතරේ හා මනස්සේ අතරේ පලා ගිය එප්‍රායිම්වරුන් යැ” යි එප්‍රායිම්වරුන් කියා තිබූ බැවින්, ගිලියාද්වරු ඔවුන් ගසා හෙළූහ. 5එප්‍රායිම් වෙත එගොඩ වන යොර්දාන් ගං-තොටවල් අල්ලා ගත් ගිලියාද්වරු, පලා යන එප්‍රායිම්වරයකු පැමිණ, “මට එගොඩ වෙන්න දෙන්නැ” යි කී කල, “නුඹ එප්‍රායිම්වරයකු දැ” යි අසති. “නැතැ” යි ඔහු පිළිතුරු දුනහොත්, 6“එසේ නම් ‘ෂිබ්බොලෙත්’ කියා කියන්නැ” යි කියති. ඒ වචනය නිවැරදි ව උච්චාරණ කළ නො හැකි ව ඔහු, “සිබ්බොලෙත්” යි කීවොත් ඔවුහු ඔහු අල්ලා, යොර්දාන් ගං තොටේදී ම මරා දැමූහ. එකල්හි දී එප්‍රායිම්වරු හතළිස් දෙදාහක් මරා දමන ලදහ.
7යෙෆ්තා හය අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. ඉන්පසු මියැදුණු ගිලියාදීය යෙෆ්තා, ගිලියාද්හි නගරයක භූමදාන කෙරිණ.
ඉබ්සාන්, ඒලොන් හා අබ්දෝන්
8ඔහුගෙන් පසු බෙත්ලෙහෙම්හි ඉබ්සාන් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. 9ඔහුට පුත්තු තිස්දෙනෙක් ද දූවරු තිස්දෙනෙක් ද වූහ. එම දූවරුන් තම පෙළපතින් පිටස්තර අයට විවාහ කර දුන් ඔහු, තම පුතුනට පිට පෙළපත් යෞවනියන් තිස්දෙනකු ගෙනාවේ ය. ඉබ්සාන් හත් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. 10ඉබ්සාන් මියැදුණු පසු, බෙත්ලෙහෙම්හි දී භූමදාන කරනු ලැබී ය.
11ඔහුගෙන් පසු සාබුලොන් වංශික ඒලොන් දස අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. 12ඉන්පසු සාබුලොනීය ඒලොන් මියැදුණේ ය. සාබුලොන් දේශයේ අයියාලොන්හි දී ඔහු භූමදාන කෙරිණ.
13ඔහුගෙන් පසු පිරාතෝනීය හිල්ලෙල්ගේ පුත් අබ්දෝන් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. 14ඔහුට පුත්තු හතළිස් දෙනෙක් ද මුණුපුරු තිස්දෙනෙක් ද වූහ. ඔවුහු බූරුවන් හැත්තෑ දෙනකු පිට නැගී ගියහ. අබ්දෝන් අ‍ට අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. 15පිරාතෝනීය හිල්ලෙල්ගේ පුත් අබ්දෝන් මියැදුණේ ය. අමලෙක්වරුන්ගේ කඳු රටේ එප්‍රායිම්හි පිරාතෝන්හි දී ඔහු භූමදාන කෙරිණි.

موجودہ انتخاب:

විනිසුරුවෝ 12: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in