1
ගණන් 13:30
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට මෝසෙස් ඉදිරිපිටදී ජනයා නිශ්ශබ්ද කර වූ කාලෙබ්, “අපි ගොස්, ඒ දේශය අත්පත් කර ගනිමු. නිසැකයෙන් ම අපට එය කළ හැකි යැ” යි පැවසී ය.
موازنہ
تلاش ගණන් 13:30
2
ගණන් 13:33
එහිදී යෝධ නෙෆීලිම්වරුන් ද අප දැක්කා. ඒ අය නෙෆීලිම්ගෙන් පැවත එන අනාක් පරපුරේ අය: ඔවුන් ඉදිරියේ, අපේ ඇස්වලට ම අප පෙනුණේ පළඟැටියන් පරිද්දෙන්. ඔවුන්ටත් අප පෙනුණේ එලෙසිනි” යි කීවෝ ය.
تلاش ගණන් 13:33
3
ගණන් 13:31
එහෙත් ඔහු හා එහි ගොස් තිබූ අය කතා කරමින්, “ඒ ජනයාට පහර දෙන්නට අපට බැහැ. ඔවුන් අපට වඩා බලවත්” යයි කීහ.
تلاش ගණන් 13:31
4
ගණන් 13:32
මෙසේ ඔවුහු, තමන් ඔත්තු බලා තිබූ දේශය ගැන නරක තොරතුරු ඉශ්රායෙල් ජනයා අතර පතළ කරමින්, “අප පරීක්ෂා කර බැලූ රට එහි වැසියන් කා දමන රටක්. අප එහිදී දුටු සියල්ලන් සද්දන්ත මිනිස්සු.
تلاش ගණන් 13:32
5
ගණන් 13:27
ඔවුහු මෝසෙස්ට කරුණු දක්වමින්, “ඔබ, අප පිටත් කළ දේශයට අපි ගියෙමු. සැබවින් ම එහි කිරි හා පැණි ගලා යයි. මෙන්න, එහි පලතුරු.
تلاش ගණන් 13:27
6
ගණන් 13:28
එහෙත්, එහි වෙසෙන ජනයා බලවත්. එහි නගර ආරක්ෂිත ප්රාකාර සහිතයි; අති විශාලයි. අනාක් පරපුරේ අය පවා එහිදී අප දැක්කා.
تلاش ගණන් 13:28
7
ගණන් 13:29
දකුණේ පෙදෙසේ වෙසෙන්නේ අමලෙක්වරුයි. කඳු රටේ වෙසෙන්නේ හිත්තිවරුන්, යෙබූසිවරුන් හා අමෝරිවරුන්. මුහුදුබඩ හා යොර්දාන් ගඟබඩ වෙසෙන්නේ කානානිවරුයි” කීහ.
تلاش ගණන් 13:29
8
ගණන් 13:26
පාරාන් කාන්තාරයේ කාදෙෂ්හි සිටි මෝසෙස් ද ආරොන් ද මුළු මහත් ඉශ්රායෙල් ප්රජාව ද වෙත ඔවුහු ආපසු ආහ. එහිදී ඔවුන්ටත්, මුළු ප්රජාවටත් කරුණු සැල කළ ඔවුහු දේශයේ පල ද ඔවුනට පෙන්වූහ.
تلاش ගණන් 13:26