1
විනිසුරුවෝ 16:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු ඈ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට තම නින්දෙන් අවදි වූ ඔහු, “මම පිටතට ගොස්, පෙර වතාවලදී මෙන් මිදෙන්නෙමි” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ තමා හැර ගොස් ඇති වග ඔහු නො දත්තේ ය.
موازنہ
تلاش විනිසුරුවෝ 16:20
2
විනිසුරුවෝ 16:28
එවිට සම්සොන් ස්වාමින්වහන්සේටයාච්ඤා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා සිහි කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තව එක ම වතාවක් මා ශක්තිමත් කළ මැනව. එක් ප්රයත්නයකින් ම මේ පිලිස්තීන්ගෙන් මගේ ඇස් දෙකේ පළිය ගැනීමට ඉඩ හළ මැනවි” යි කී ය.
تلاش විනිසුරුවෝ 16:28
3
විනිසුරුවෝ 16:17
එබැවින් ඔහු රහස මුළුමනින් ඇයට කීවේ ය. “කිසි දිනෙක මගේ හිසට දැළි පිහියක් තබා නැත. මම මවු කුස පටන් දෙවියන්වහන්සේට වෙන් කෙරුණු නසිරීයයෙක්මි. මගේ හිස මුඩු කළහොත්, මගේ ශක්තිය මා හැර යයි. මා දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වෙතැ” යි කීවේ ය.
تلاش විනිසුරුවෝ 16:17
4
විනිසුරුවෝ 16:16
මෙසේ නෝක්කඩු කියමින්, ඈ ඔහුට ජීවිතය එපා වන තුරු දවසක් නෑර ම ඔහුට පෙරැත්ත කළා ය.
تلاش විනිසුරුවෝ 16:16
5
විනිසුරුවෝ 16:30
එසේ කොට, “පිලිස්තීන් සමඟ මමත් මැරෙම්වා” යි කී සම්සොන් තම මුළු වැර යොදා ඒවා තල්ලු කළේ ය. එවිට එතුළ වූ පාලකයින් ද මුළු ජනයා ද පිට දෙවොල කඩා වැටුණේ ය. මෙසේ, ඔහු ජීවත් ව සිටියදී මැරූ අයගේ ගණනට වඩා තම මරණයේදී මැරූ අය ගණනින් වැඩි ය.
تلاش විනිසුරුවෝ 16:30