1
උත්පත්ති 42:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “නිසැකයෙන් ම අපේ සහෝදරයා සම්බන්ධ ව කළ වරදට ලැබෙන දඬුවමක් මේක. ඔහු තම ජීවිතය ගැන අපට කන්නලව් කරද්දී, ඔහුගේ සිතේ පීඩාව අප දුටුවත්, අප ඇසුවේ නැහැ. එනිසයි මේ සිත් පීඩා අප පිට පැමිණ ඇත්තේ” යි කීහ.
موازنہ
تلاش උත්පත්ති 42:21
2
උත්පත්ති 42:6
මෙකල දේශයේ ආණ්ඩුකාරයා ව සිටියේ යෝසෙප් ය. දේශයේ හැම දෙනාට ම ධාන්‍ය වික්කේ ඔහු ය. එහි ළඟා වූ යෝසෙප්ගේ සහෝදරයෝ බිමට නැමී, වැඳ, ඔහුට ආචාර කළහ.
تلاش උත්පත්ති 42:6
3
උත්පත්ති 42:7
යෝසෙප් තම සහෝදරයන් දුටු විගස, ඔවුන් හඳුනා ගත්තේ ය. එහෙත් ඔවුන් නො හඳුනන වගක් ඇඟවූ ඔහු, ඔවුනට රළු අන්දමින් කතා කරමින්, “කොහේ සිට නුඹලා ආවහු දැ?” යි ඇසුවේ ය. ඔවුහු පිළිතුරු දෙමින්, “කානාන් දේශයේ සිට ය. ආහාර මිලයට ගන්නට යැ” යි කීවෝ ය.
تلاش උත්පත්ති 42:7