1
නික්මයාම 2:24-25
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන්ගේ කෙඳිරිගෑම දෙවියන්වහන්සේට ඇසිණ. එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ද ඊසාක් සමඟ ද යාකොබ් සමඟ ද වූ තම ගිවිසුම සිහි කළ සේක. මෙසේ දෙවියන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයින් දෙස බලා, ඔවුන් ගැන සැලකූ සේක.
موازنہ
تلاش නික්මයාම 2:24-25
2
නික්මයාම 2:23
ඒ දිගු කාලය අතර තුර, ඊජිප්තු රජු මිය ගියේ ය. ඉශ්රායෙල්වරු තම වහල් භාවය ගැන සුසුම්ලමින්, මොර ගැසූහ. තම වහල් භාවය නිසා ඔවුන් නැගූ මොර ගැසීම, දෙවියන්වහන්සේ වෙත නැගුණේ ය.
تلاش නික්මයාම 2:23
3
නික්මයාම 2:10
දරුවා වැඩුණු පසු ඈ, පාරාවෝගේ දියණිය වෙත ඔහු කැඳවාගෙන ගියා ය. ඔහු ඇගේ පුත්‍රයා බවට පත් විය. “මම දියෙන් ඔහු ඇද ගතිමි” යි කියමින්, ඈ ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.
تلاش නික්මයාම 2:10
4
නික්මයාම 2:9
එවිට පාරාවෝගේ දියණිය ඇය අමතමින්, “මේ දරුවා ගෙන ගොස්, මා වෙනුවෙන් කිරි දී, පෝෂ්‍ය කරන්න. මම ඔබට ගාස්තුව ගෙවන්නෙමි” යි කීවා ය. එබැවින් ඒ කාන්තාව දරුවා ගෙන ගොස්, කිරි දී, ඔහු පෝෂ්‍ය කළා ය.
تلاش නික්මයාම 2:9
5
නික්මයාම 2:5
මේ අතර, පාරාවෝගේ දියණිය දිය නෑමට, නයිල් ගඟට ආවා ය. ඇගේ පරිවාර ළදුන් ගං ඉවුරේ ඇවිදිමින් සිටියදී, ඈ බට පඳුරු අතරේ වූ කූඩය දැක, තම දාසිය යවා, එය ගෙන්වා ගත්තා ය.
تلاش නික්මයාම 2:5
6
නික්මයාම 2:11-12
මෝසෙස් මේරූ වියට පැමිණි පසු, දිනක් තම සහෝදර ජනයා දකින්නට පිටතට ගොස්, ඔවුන්ගේ බර වැඩ බලා සිටියේ ය. මෙවිට තම සහෝදර හෙබ්‍රෙව්වකුට ඊජිප්තු ජාතිකයකු පහර දෙනු ඔහු දුටුවේ ය. ඒ මේ අත බැලූ ඔහු, කිසිවකු නැති වග දැක, ඊජිප්තු ජාතිකයා මරා, වැල්ලේ සැඟවී ය.
تلاش නික්මයාම 2:11-12