1
මාර්ක් 5:34
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්න, පීඩාවෙන් සුවය ලබන්නැ” යි පැවසූ සේක.
సరిపోల్చండి
මාර්ක් 5:34 ని అన్వేషించండి
2
මාර්ක් 5:25-26
පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්රියක් ද එහි වූවා ය. බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතු ව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්ර වූවා මිස, සුවය ලද්දේ නැත.
මාර්ක් 5:25-26 ని అన్వేషించండి
3
මාර්ක් 5:29
එකෙණෙහි ම ඇගේ ලේ ගැලීම නැවතිණි; විඳි වේදනාවෙන් තමා නිදහස් වූ වග ඇගේ ගතට දැනිණි.
මාර්ක් 5:29 ని అన్వేషించండి
4
මාර්ක් 5:41
යේසුස්වහන්සේ ඇගේ අත අල්ලා, “තලිතා කූම්!” යි කී සේක. මෙහි අරුත, “දැරිය නැගිටින්නැයි! මම ඔබට කියමි” යනුයි.
මාර්ක් 5:41 ని అన్వేషించండి
5
මාර්ක් 5:35-36
උන්වහන්සේ එසේ කියද්දී ම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ ඇතමෙක්, “ඔබේ දියණිය මිය ගියා; තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්නේ කුමට දැ?” යි කීහ. ඔවුන් කී දෑ ඇසුණු නමුත් යේසුස්වහන්සේ සිනගෝග පාලකයා අමතා, “බය නො වන්න, විශ්වාසයෙන් ම සිටින්නැ” යි කී සේක.
මාර්ක් 5:35-36 ని అన్వేషించండి
6
මාර්ක් 5:8-9
මන්ද, “අපවිත්ර ආත්මය, මේ මිනිහාගෙන් දුරුවෙනු!” යි යේසුස්වහන්සේ පැවසූ බැවිනි. “තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. හෙතෙම පිළිතුරු දෙමින්, “මගේ නම සේනාවයි. මන්ද අප බොහෝ දෙනෙකැ” යි පැවසී ය.
මාර්ක් 5:8-9 ని అన్వేషించండి