එහි ප්‍රසන්න සුවඳ විඳි ස්වාමින්වහන්සේ තමන්වහන්සේට ම මෙසේ කී සේක. “යළි කවර කලෙකවත් මනුෂ්‍යයා නිසා භූමියට ශාප නො කරමි. බාල කාලයේ පටන් ඔහුගේ හදේ හැම සිතිවිල්ලක් ම නපුර ය. වරක් මා කළ පරිද්දෙන් මතු කවර කලෙකවත් ජීවමාන සකල සත්වයින් මම විනාශ නො කරන්නෙමි.
“පොළොව පවතින තුරා,
වැපිරීම හා අස්වනු නෙළීම ද
සිසිලස හා උණුසුම ද
සිසිරය හා ගිම්හානය ද
දහවල හා රාත්‍රිය ද
නවතිනු නැත්තේම ය.”