1
උත්පත්ති 18:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට නො හැකි දෙයක් වේ ද? ලබන වසරේ යථා කාලයේදී මම ඔබ වෙත යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇතැ” යි පැවසූ සේක.
Uporedi
Istraži උත්පත්ති 18:14
2
උත්පත්ති 18:12
එබැවින් සාරා තමන් සිත තුළ, “මා මවක වන කාලය පසු කර, මගේ ස්වාමියා ද මහල්ලකු ව සිටියදී, දැන් මම දරුවකු ලැබීමේ ප්‍රීතිය ලබම් දැ?” යි කියා ගනිමින් සිනාසුණා ය.
Istraži උත්පත්ති 18:12
3
උත්පත්ති 18:18
ආබ්‍රහම් සැබවින් ම ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රබල වූත් ජාතියක් බවට පත් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන් ඔහු තුළින් ආශිර්වාද ලබනු ඇත.
Istraži උත්පත්ති 18:18
4
උත්පත්ති 18:23-24
එවිට ආබ්‍රහම් උන්වහන්සේට ළං වී, “ඔබවහන්සේ දුෂ්ටයින් සමඟ ධර්මිෂ්ඨයින් විනාශ කර දමනවා ද? ඇතැම් විට ඒ නගරයේ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් සිටිය හැකියි. ඒ ධර්මිෂ්ඨයින් පනස් දෙනා නිසාවත් ඒ නගරය ඉතිරි නො කොට ඔබවහන්සේ සැබවින් ම එය වනසා දමනවා ද?
Istraži උත්පත්ති 18:23-24
5
උත්පත්ති 18:26
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “සොදොම් පුරය තුළ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් මට හමු වුවහොත්, ඔවුන් වෙනුවෙන් මම ඒ මුළු ප්‍රදේශය ම ඉතිරි කරන්නෙමි” යි කී සේක.
Istraži උත්පත්ති 18:26