ලූක් 16
16
වංචනික කළමනාකරු
1යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින් මෙසේ පැවසූ සේක: “එක් ධනවතකුට කළමනාකරුවෙක් සිටියා. තම වස්තුව, ඔහු නැති නාස්ති කරතැයි ඔහුට පැමිණිලි ලැබුණා. 2එබැවින් ඔහු කැඳවූ හාම්පුතා, ‘ඔබ ගැන මට අහන්න ලැබෙන මේ දේවල් මොනවා ද? ඔබේ කළමනාකාරකම පිළිබඳ ගණන් බේරන්න. තවදුරටත් කළමනාකරු වීමට ඔබට බැරි යැ’ යි කීවා.
3“කළමනාකරු තමාට ම මෙසේ කියා ගත්තා, ‘මගේ හාම්පුතා කළමනාකාරකමින් මා පහ කරන නිසා, මා දැන් කුමක් කරන්න ද? පොළොව කොටන්නට මට ශක්තිය නෑ. සිඟාකන්නට ලැජ්ජයි. 4හරි! කළමනාකාරකමින් මා ඉවත් කළ පසු, මිනිසුන් තමන්ගේ ගෙවලට මා පිළිගන්නා පිණිස, කළ යුතු දේ මා තීරණ කළා.’
5“තම ස්වාමියාගේ ණයකරුවන් එකිනෙකා කැඳවූ ඔහු, පළමු වැන්නා අමතා, ‘මගේ හාම්පුතාට ඔබ කොපමණ ණය දැ?’ යි ඇසුවා.
6“ ‘ඔලීව තෙල් පීප්ප සියයකැ’#16:6 ලීටර් 3,000ක් පමණ යි ඔහු පිළිතුරු දුන්නේ ය.
“ඔහු ඇමතූ කළමනාකරු, ‘ඔබේ බිල්පත ගෙන, හනික මෙහෙන් ඉඳගෙන, එය පනහකැයි ලියා ගන්නැ’ යි කීවා.
7“ඉන්පසු අනෙකා අමතා, ‘ඔබ කොපමණ ණය දැ?’ යි ඇසුවා.
“ ‘තිරිඟු බුසල් දාහක් යැ’ යි කී කල,
“ ‘ඔබේ බිල්පතේ එය අටසීය කර ගන්නැ’ යි ඔහු කීවා.
8“වංචනික කළමනාකරු විචක්ෂණ ව, ශූර ලෙස ක්‍රියා කළ නිසා, හාම්පුතා ඔහුට ප්‍රශංසා කළා. මන්ද මේ ලෝකයේ පුත්‍රයින් තම කටයුතු ගැන ක්‍රියා කරන්නේ, ආලෝකයේ පුත්‍රයින්ට වඩා විචක්ෂණශීලිවයි. 9මා ඔබට කියන්නේ ලෞකික ධනයෙන් මිතුරන් සපයා ගන්නා ලෙසයි. ඒ, ඒවා සිඳී ගිය කල සදාතනික වාසස්ථානවලට ඔබ පිළිගැනෙනා පිණිස ය.
10“ඉතා ස්වල්පයකදී විශ්වාසවන්තවන්නා, මහත් දේකදී ද විශ්වාසී වෙයි; අල්ප දේහි දී වංචනිකවන්නා, මහත් දේහි දී ද වංචනික වෙයි. 11අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වන්නේ නම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද? 12අන් කෙනකුගේ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වී නම්, ඔබගේ ම දෑ ඔබට දෙන්නේ කවුරු ද?
13“හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසි සේවකයකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.
14මුදලට ආලය කරන්නන් වූ පරිසිවරු ඒ සියලු දෑ අසා, උන්වහන්සේට සරදම් කළහ. 15උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසුන් ඉදිරියේ තමන් ම ධර්මිෂ්ඨ කර ගන්නෝ ඔබයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබේ හදවත් දන්නා සේක. මන්ද මිනිසුන් අතරේ උසස් යයි සලකනු ලබන දේ, දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුලක් වෙයි.
තවත් ඉගැන්වීම්
16“ව්‍යවස්ථාවත්, දිවැසිවරුනුත් යොහන් දක්වා බලපැවැත්විණි. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කෙරේ. සියලු දෙනා බලයෙන් ඊට ඇතුළු වෙති. 17එහෙත් ව්‍යවස්ථාවෙන් එක් අංශු මාත්‍රයක් හෝ අහෝසි වී යෑමට වඩා, අහසත් පොළොවත් පහ වී යෑම පහසු ය.
18“තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කර ගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කර ගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.
ධනවතා හා ලාසරස්
19“අගනා දම් පැහැ සළු හා සිනිඳු හණ පිළි හැඳ, දිනපතා සුඛ විහරණයෙන් කල් ගෙවූ ධනවතෙක් සිටියා. 20ගත පුරා ම වණ-දදවලින් ගහන ලාසරස් නම් දුප්පතකු ඔහුගේ දොරටුව ළඟ තබනු ලැබුවා. 21ධනවතාගේ මේසයෙන් වැටෙන ඉතිරි කැබලි කෑමට ඔහු ආශා කළා. බල්ලෝ පවා අවුත් ඔහුගේ වණ ලෙව කෑවා.
22“දුප්පත් මිනිසා මිය ගිය පසු, දේව දූතයින් විසින් ආබ්‍රහම්ගේ තුරුලට ඔහු ගෙන යනු ලැබුවා. ධනවත් මිනිසා ද මිය ගියෙන්, ඔහු වළලනු ලැබුවා. 23ඔහු පාතාලයේ#16:23 ග්‍රීක් බසින් හේදිසියේ වධ විඳිමින් ඉහළ බැලූ කල, ආබ්‍රහම් ද ඔහුගේ ඇලයෙහි ලාසරස් ද දුර ඈත සිටිනු දැක්කා. 24එවිට ඔහු, ‘ආබ්‍රහම් පියාණෙනි, අනේ මට අනුකම්පා කරන්න. මගේ දිව තෙමාගන්නට ලාසරස්ගේ ඇඟිලි තුඩ දියේ ගිල්වා, මා වෙත එවන්න. මම මේ ගිනි ජාලාවේ විඳවනවා’ යි කිව්වා.
25“එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘දරුව, ඔබේ ජීවිත කාලයේදී ඔබට යහ දෑ ලැබුණා. ලාසරස්ට ලැබුණේ නරක දෑ වග මතක ද? එහෙත් දැන් ඔහු සැනසිල්ල භුක්ති විඳියි; ඔබ විඳවයි 26ඒ හැමට වඩා, මෙහි සිට ඔබ වෙත යන්නට කැමති අයට එය කළ නො හැකි වන පිණිස හා ඔහේ සිට අප වෙත කෙනකුට මෙතෙර විය නො හැකි වන පිණිස අපත්, ඔබත් අතර මහා ආගාධයක් පිහිටුවා තියෙනවා’ යි කීවා.
27“එවිට, ඔහු කතා කරමින්, ‘එසේ නම් පියාණෙනි, මගේ පියාගේ ගෙදරට ඔහු යවන ලෙස කන්නලව් කරමි. 28මන්ද මට සහෝදරයෝ පස් දෙනකු ඉන්නවා. මෙහි වධ විඳින්නට මෙහි නො එන ලෙසට ඔවුන්ට අවවාද කරත්වා’ යි ඉල්ලී ය.
29“ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔවුන්ට මෝසෙස් හා දිවැසිවරුන් සිටිනවා; ඔවුහු ඔවුන්ට සවන් දෙත්වා’ යි කීවා.
30“ඔහු එවිට, ‘එසේ නො වෙයි, ආබ්‍රහම් පියාණෙනි, යමෙක් මළවුන් වෙතින් ඔවුන් වෙත ගියහොත්, ඔවුන් පසුතැවිලි වෙතැ’ යි පැවසුවා.
31“ඔහු පිළිතුරු දෙමින්, ‘ඔවුන්, දිවැසිවරුන්ටත් සවන් දෙන්නේ නැති නම්, යමෙක් මරණින් නැගිට ආවත්, ඔවුන්ට ඒත්තුගැන්විය නො හැකි ය’ කියා කීවා.”
Trenutno izbrano:
ලූක් 16: SCV
Označeno
Deli
Kopiraj
Želiš, da so tvoji poudarki shranjeni v vseh tvojih napravah? Registriraj se ali se prijavi
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: