Zechariah 14:3-9

සෙකරියා 14:3-9 - එවිට ස්වාමින්වහන්සේ පිටත් ව ගොස්, සංග්‍රාම දවසේ උන්වහන්සේ සටන් වදින්නා සේ, එම ජාතීන්ට එරෙහිව සටන් කරන සේක. ඒ දවසේ උන්වහන්සේගේ පා යෙරුසලමට ඉදිරිපිටින් පෙරදිගට පිහිටි ඔලීව කන්ද මත සිටගනු ඇත. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බස්නාහිර දක්වා දෙකඩ වී, කන්දෙන් අඩක් උතුරු දෙසටත්, අනෙක් අඩ දකුණු දෙසටත් වෙන් ව යන සේ, මහත් මිටියාවතකින් දෙකඩ වන්නේ ය. මගේ කඳු මිටියාවත මැදින් ඔබ පලා යනු ඇත. එම මිටියාවත ආසල් දක්වා ම දිවෙනු ඇත. යූදාහි රජ වූ උස්සියාගේ දවස්හි දී වූ භූමිකම්පාවෙන් ඔබ පලා ගිය අයුරින් ම ඔබ පලා යනු ඇත. එකල මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තමන් සමඟ සියලු ශුද්ධවතුන් ද ගෙන පැමිණෙන සේක.
ඒ දවසේ එළියක් ඇති නො වන්නේ ය: ශීතලය හෝ හිම වැටීමක් හෝ නො වන්නේ ය. දිවා රැයින් තොර ඒ දවස, අසමසම දවසක් වනු ඇත. ස්වාමින්වහන්සේ දන්නා ඒ දවසේ සවස ද එළිය තිබෙනු ඇත.
ඒ දවසේ ජීවන දිය යෙරුසලමින් ගලා යයි. ඉන් අඩක් නැගෙනහිර මුහුදට ද අඩක් බස්නාහිර මුහුදට ද ගිම්හානයේ මෙන් ම සිසිරයේ ද ගලා යනු ඇත.
ස්වාමින්වහන්සේ මුළු පොළෝ තලයට ම රජ වනු ඇත; එදවසේදී ස්වාමින්වහන්සේ එක් කෙනෙක් ම ය. උන්වහන්සේගේ නාමය එකක් ම ය.

එවිට ස්වාමින්වහන්සේ පිටත් ව ගොස්, සංග්‍රාම දවසේ උන්වහන්සේ සටන් වදින්නා සේ, එම ජාතීන්ට එරෙහිව සටන් කරන සේක. ඒ දවසේ උන්වහන්සේගේ පා යෙරුසලමට ඉදිරිපිටින් පෙරදිගට පිහිටි ඔලීව කන්ද මත සිටගනු ඇත. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බස්නාහිර දක්වා දෙකඩ වී, කන්දෙන් අඩක් උතුරු දෙසටත්, අනෙක් අඩ දකුණු දෙසටත් වෙන් ව යන සේ, මහත් මිටියාවතකින් දෙකඩ වන්නේ ය. මගේ කඳු මිටියාවත මැදින් ඔබ පලා යනු ඇත. එම මිටියාවත ආසල් දක්වා ම දිවෙනු ඇත. යූදාහි රජ වූ උස්සියාගේ දවස්හි දී වූ භූමිකම්පාවෙන් ඔබ පලා ගිය අයුරින් ම ඔබ පලා යනු ඇත. එකල මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තමන් සමඟ සියලු ශුද්ධවතුන් ද ගෙන පැමිණෙන සේක. ඒ දවසේ එළියක් ඇති නො වන්නේ ය: ශීතලය හෝ හිම වැටීමක් හෝ නො වන්නේ ය. දිවා රැයින් තොර ඒ දවස, අසමසම දවසක් වනු ඇත. ස්වාමින්වහන්සේ දන්නා ඒ දවසේ සවස ද එළිය තිබෙනු ඇත. ඒ දවසේ ජීවන දිය යෙරුසලමින් ගලා යයි. ඉන් අඩක් නැගෙනහිර මුහුදට ද අඩක් බස්නාහිර මුහුදට ද ගිම්හානයේ මෙන් ම සිසිරයේ ද ගලා යනු ඇත. ස්වාමින්වහන්සේ මුළු පොළෝ තලයට ම රජ වනු ඇත; එදවසේදී ස්වාමින්වහන්සේ එක් කෙනෙක් ම ය. උන්වහන්සේගේ නාමය එකක් ම ය.

සෙකරියා 14:3-9

Zechariah 14:3-9