තීතස් 3:3-6

කලක් අපත් අනුවණ ව හා අකීකරු ව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල් ව, දුෂ්ට සිතැති ව, ඊර්ෂ්‍යාවෙන් යුතු ව, පිළිකුල් සහගත ව, එකිනෙකාට ද්වේෂ කරමින් අපගේ දවස් ගත කළෙමු. එහෙත් අපගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ යහ ගුණයත්, ආදර කරුණාවත් ප්‍රකාශ වූ කල, උන්වහන්සේ අප ගැලෙව්වේ, අප කළ ධර්මිෂ්ඨකම් නිසා නො ව, උන්වහන්සේගේ දයාවන් නිසා නැවත ඉපදීම නැමති සේදීම හා ශුද්ධාත්මයාණන්ගේ අලුත් කිරීම මගින් ය. උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ගැලවුම්කරුවාණන් මගින් අධික ව ශුද්ධාත්මයාණන් අප පිට වගුළේ
තීතස් 3:3-6