රෝම 12:10-16

සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න. ජ්වලිත බවින් කිසි විටෙකත් හීන නො වී, ආත්මයෙන් උද්යෝගී ව ස්වාමින්වහන්සේට සේවය කරන්න. බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න. ශුද්ධවතුන්ගේ අවශ්‍යතාහි දී ආධාර-උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. ඔබට පීඩාකරන්නන්ට ආශිර්වාද කරන්න; ශාප නො කර, ආශිර්වාද කරන්න. ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න. එකිනෙකා හා සමඟියෙන් ජීවත් වන්න. අහංකාර නො වන්න. යටහත් අය සමඟ ඇසුරු කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නො වන්න.
රෝම 12:10-16