රෝම 10:14-21

එසේ නම්, තමන් විශ්වාසය නො තැබූ කෙනකුට ඔවුන් යදින්නේ කොහොම ද? එසේ ම, තමන් නො ඇසූ කෙනකු තුළ ඔවුන් විශ්වාසය තබන්නේ කොහොම ද? යමෙක් දේශනා නො කළොත් ඔවුන් අහන්නේ කොහොම ද? තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “සුබ ආරංචි ගෙනෙන අයගේ පාද, කොපමණ අලංකාර ද!” එහෙත් ඔවුන් සියලු දෙනා ශුභාරංචියට කීකරු වූයේ නැත. මන්ද යෙසායා කතා කරමින්, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු දැ?” යි පවසයි. මෙසේ, ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙනි; ඇසීම ක්රිස්තුස්වහන්සේගේ වචනය තුළිනි. එහෙත් මම මෙසේ අසමි: ඔවුන්ට අසන්නට ලැබුණේ නැති ද? සැබවින් ම ඔවුහු එය ඇසූහ. “ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ; ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ.” මම මෙසේ අසමි: ඉශ්රායෙල් වටහා ගත්තේ නැති ද? පළමු කොට, මෝසෙස් මෙසේ පවසයි, “ජාතියක් නො වන්නවුන් කෙරෙහි මම ඔබ ඊර්ෂ්යා කරවන්නෙමි. අඥාන ජාතියක් ලවා මම ඔබ කෝපයට පත් කරමි.” ඉන්පසු යෙසායා නිර්භය ව කතා කරමින්, “මා නො සෙවූ අය විසින් මා සොයාගෙන ඇත; මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි” යි පවසයි. එහෙත්, ඉශ්රායෙල් ගැන ඔහු කියන්නේ, “දවස මුළුල්ලේ මා මගේ දෑත් දිගු කර ගෙන සිටියේ අකීකරු, හිතුවක්කාර ජනතාවක් වෙත ය” කියා ය.
රෝම 10:14-21