ගීතාවලිය 94:12-22

ගීතාවලිය 94:12-22 - අහෝ ස්වාමින්වහන්ස, ඔබ විසින් හික්මවන ලද මනුෂ්‍යයා
ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔබ ඉගැන් වූ මනුෂ්‍යයා භාග්‍යවත් ය.
දුර්ජනයිනට වළක් හාරන තෙක්,
පෙර කී මිනිසාට ඔහුගේ විපත් දවස්හි ඔබ සහනය සලසා දෙන සේක.
මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ඉවත දමන්නේ නැත;
උන්වහන්සේ ස්වකීය උරුමය වූ ජනයා කිසි කල අත්හරින්නේ නැත.
විනිශ්චය යළිත් ධර්මිෂ්ඨකම මත පිහිටුවනු ලැබේ,
ඍජු හදවතින් හෙබි සියල්ලෝ එය අනුගමන කරති.

දුර්ජනයින්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද?
දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද?
ස්වාමින්වහන්සේ පිහිට නො වූ සේක් නම්,
මරණ නිසංසලයේ වාසයට යෑමට මට සිදු විය හැකි ව තිබිණි.
“මගේ පාද ලිස්සා යනවා” යි මා පැවසූ කල, මා අල්ලා උසුලා ගත්තේ,
ඔබගේ නොමියෙන ප්‍රේමයයි, අහෝ ස්වාමින්වහන්ස.
අවුල් තැවුල් මහදේ බොහෝ වූ කල,
ඔබගෙන් ලද අස්වැසිල්ල මහද ප්‍රමෝද කරවී ය.

අයුතු අසාධාරණ නියෝග උපදවන්නා වූ දූෂිත විනිසුරුවන් සමඟ
ඔබට සන්ධානගත විය හැකි ද?
ඔවුහු දමිටුවනට එරෙහිව එක් රොක් වී,
නිදොස් ලේ මරණ දණ්ඩනයට තීන්දු කරති.
එහෙත් ස්වාමින්වහන්සේ මගේ බළකොටුව ද
මා රැකවරණ ලබනා මගේ පර්වතය වන දෙවියන්වහන්සේ ද වූ සේක

අහෝ ස්වාමින්වහන්ස, ඔබ විසින් හික්මවන ලද මනුෂ්‍යයා ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔබ ඉගැන් වූ මනුෂ්‍යයා භාග්‍යවත් ය. දුර්ජනයිනට වළක් හාරන තෙක්, පෙර කී මිනිසාට ඔහුගේ විපත් දවස්හි ඔබ සහනය සලසා දෙන සේක. මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ඉවත දමන්නේ නැත; උන්වහන්සේ ස්වකීය උරුමය වූ ජනයා කිසි කල අත්හරින්නේ නැත. විනිශ්චය යළිත් ධර්මිෂ්ඨකම මත පිහිටුවනු ලැබේ, ඍජු හදවතින් හෙබි සියල්ලෝ එය අනුගමන කරති. දුර්ජනයින්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද? දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ පිහිට නො වූ සේක් නම්, මරණ නිසංසලයේ වාසයට යෑමට මට සිදු විය හැකි ව තිබිණි. “මගේ පාද ලිස්සා යනවා” යි මා පැවසූ කල, මා අල්ලා උසුලා ගත්තේ, ඔබගේ නොමියෙන ප්‍රේමයයි, අහෝ ස්වාමින්වහන්ස. අවුල් තැවුල් මහදේ බොහෝ වූ කල, ඔබගෙන් ලද අස්වැසිල්ල මහද ප්‍රමෝද කරවී ය. අයුතු අසාධාරණ නියෝග උපදවන්නා වූ දූෂිත විනිසුරුවන් සමඟ ඔබට සන්ධානගත විය හැකි ද? ඔවුහු දමිටුවනට එරෙහිව එක් රොක් වී, නිදොස් ලේ මරණ දණ්ඩනයට තීන්දු කරති. එහෙත් ස්වාමින්වහන්සේ මගේ බළකොටුව ද මා රැකවරණ ලබනා මගේ පර්වතය වන දෙවියන්වහන්සේ ද වූ සේක

ගීතාවලිය 94:12-22

ගීතාවලිය 94:12-22