ගීතාවලිය 77:10-15

ගීතාවලිය 77:10-15 - එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ:
මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි.
ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි;
සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි.
ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි,
ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි.

අහෝ දෙවියන්වහන්ස, ඔබගේ මාර්ග ශුද්ධ ය;
අපගේ දෙවියන්වහන්සේ මෙන් උතුම් අන් කවර දෙවියන් ද?
ඔබවහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේ ය;
ජනයා අතරේ ඔබ, ඔබගේ බලය විදහා දක්වන සේක.
ඔබගේ බලවත් හස්තයෙන් ඔබ, ඔබගේ ජනයා වන
යාකොබ්ගෙන් ද යෝසෙප්ගෙන් ද පැවත එන්නන් මුදන සේක. සෙලා
ගීතාවලිය 77:10-15