ගීතාවලිය 68:4-6

දෙවියන්වහන්සේට ගී ගයන්න, උන්වහන්සේගේ නාමයට පැසසුම් ගී ගයන්න; වලාකුළු පිට නැගී යන තැනැන්වහන්සේට ප්‍රශංසා කරන්න; උන්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේ යනු ය. උන්වහන්සේ ඉදිරියේ ප්‍රමෝද වන්න. පියා නැති දරුවනට පියකු ද වැන්දඹුවනට ආරක්ෂකයකු ද වන දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානය තුළ ය. දෙවියන්වහන්සේ තනි වූ අය පවුලකට යා කරවන සේක. උන්වහන්සේ සිරකරුවන් අභිවෘද්ධිය වෙත ගෙන යන සේක; එහෙත් කැරලිකරුවන් වියළි කතරේ විසීමට හරින සේක.
ගීතාවලිය 68:4-6