මගේ සියලු අයුතුකමින් මා සෝදා,
මගේ පාපයෙන් මා පවිත්ර කළ මැනව.
මන්ද මගේ අපරාධ මම හඳුනමි,
මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි.
ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි.
ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි;
ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය.
ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය.