ගීතාවලිය 51:1-7

ගීතාවලිය 51:1-7 - අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා,
මට දයා වුව මැනව;
ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව,
මගේ අපරාධය මකා දැමුව මැනව;
මගේ සියලු අයුතුකමින් මා සෝදා,
මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව.

මන්ද මගේ අපරාධ මම හඳුනමි,
මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි.
ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි.
ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි;
ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය.
ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය.
උපතේදීත්, ඇත්තෙන් ම මා අයුතුකමින් යුතු විණි;
මා මව් කුස පිළිසිඳි වේලේ පටන් පාපයෙන් යුතු විණි.
සැබවින් ම හද අභ්‍යන්තරයේ සත්‍යයට ඔබ අබිමත වන සේක;
හද ඇතුල් ගැබෙහි ඔබ මට ප්‍රඥාව උගන්වන සේක.

හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි.
මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි

අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා, මට දයා වුව මැනව; ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව, මගේ අපරාධය මකා දැමුව මැනව; මගේ සියලු අයුතුකමින් මා සෝදා, මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව. මන්ද මගේ අපරාධ මම හඳුනමි, මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි. ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි. ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි; ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය. ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය. උපතේදීත්, ඇත්තෙන් ම මා අයුතුකමින් යුතු විණි; මා මව් කුස පිළිසිඳි වේලේ පටන් පාපයෙන් යුතු විණි. සැබවින් ම හද අභ්‍යන්තරයේ සත්‍යයට ඔබ අබිමත වන සේක; හද ඇතුල් ගැබෙහි ඔබ මට ප්‍රඥාව උගන්වන සේක. හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි. මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි

ගීතාවලිය 51:1-7

ගීතාවලිය 51:1-7