ගීතාවලිය 46:1-11

ගීතාවලිය 46:1-11 - දෙවියන්වහන්සේ අපගේ සරණය හා ශක්තිය ය.
විපත්තියේදී ඉතා ළං ව ඇති පිහිටක් ය.
එබැවින් පොළෝ කම්පා සිදු වෙතත්,
කඳු මුහුද මැදට කඩා හැලෙතත්,
එහි ජල ගුගුරා කැලඹෙතත්,
එයින් නැගෙන සැඩ පහරින් කඳු සසල වෙතත් අපි බය නො වන්නෙමු. සෙලා

ගංගාවක් තිබේ, එහි දිය පාරවල් මහෝත්තමයාණන් වාසය කරන
ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ පුරවරය ප්‍රමෝදයට පත් කරයි.
දෙවියන්වහන්සේ එපුර ඇතුළත වැඩ වසන සේක. එය ඇද වැටෙන්නේ නැත;
හිමිදිරි උදයෙන් දෙවියන්වහන්සේ එයට උපකාර කරන සේක.
ජාතීන් අතර මහත් නො සන්සුන්තාවකි; රාජ්‍යයෝ වැටී යති;
උන්වහන්සේ උස් හඬ නගන සේක, පොළොව උණුවී යයි.

සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය.
යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා

එන්න, ඇවිත් ස්වාමින්වහන්සේගේ ක්‍රියා,
පොළොව පිටට උන්වහන්සේ ගෙනවුත් ඇති පාළු කිරීම් බලන්න.
උන්වහන්සේ පොළොවේ හැම කෙළවරක ම
යුද්ධය නවතන සේක.
උන්වහන්සේ දුන්න කඩා, හෙල්ලය බිඳ දමන සේක්;
පලිහ ගින්නෙන් දවා දමන සේක.
නිසල වන්න! මා දෙවියන්වහන්සේ වග දැනගන්න.
ජාතීන් අතරෙහි මම උසස් වන්නෙමි.
පොළොව මුළුල්ලේ මම උසස් වන්නෙමි.

සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය.
යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා

දෙවියන්වහන්සේ අපගේ සරණය හා ශක්තිය ය. විපත්තියේදී ඉතා ළං ව ඇති පිහිටක් ය. එබැවින් පොළෝ කම්පා සිදු වෙතත්, කඳු මුහුද මැදට කඩා හැලෙතත්, එහි ජල ගුගුරා කැලඹෙතත්, එයින් නැගෙන සැඩ පහරින් කඳු සසල වෙතත් අපි බය නො වන්නෙමු. සෙලා ගංගාවක් තිබේ, එහි දිය පාරවල් මහෝත්තමයාණන් වාසය කරන ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ පුරවරය ප්‍රමෝදයට පත් කරයි. දෙවියන්වහන්සේ එපුර ඇතුළත වැඩ වසන සේක. එය ඇද වැටෙන්නේ නැත; හිමිදිරි උදයෙන් දෙවියන්වහන්සේ එයට උපකාර කරන සේක. ජාතීන් අතර මහත් නො සන්සුන්තාවකි; රාජ්‍යයෝ වැටී යති; උන්වහන්සේ උස් හඬ නගන සේක, පොළොව උණුවී යයි. සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය. යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා එන්න, ඇවිත් ස්වාමින්වහන්සේගේ ක්‍රියා, පොළොව පිටට උන්වහන්සේ ගෙනවුත් ඇති පාළු කිරීම් බලන්න. උන්වහන්සේ පොළොවේ හැම කෙළවරක ම යුද්ධය නවතන සේක. උන්වහන්සේ දුන්න කඩා, හෙල්ලය බිඳ දමන සේක්; පලිහ ගින්නෙන් දවා දමන සේක. නිසල වන්න! මා දෙවියන්වහන්සේ වග දැනගන්න. ජාතීන් අතරෙහි මම උසස් වන්නෙමි. පොළොව මුළුල්ලේ මම උසස් වන්නෙමි. සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය. යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා

ගීතාවලිය 46:1-11

ගීතාවලිය 46:1-11