ගීතාවලිය 40:1-5

මම ස්වාමින්වහන්සේගැන, ඉවසිල්ලෙන් බලා සිටියෙමි. උන්වහන්සේ මා දෙසට නැමී, මගේ හඬ ගෑම ඇසූ සේක. උන්වහන්සේ මා ගොහොරු වළෙන්, මඩ වගුරෙන්, සෙවල ගොඩෙන් එසවූ සේක්; පර්වතයක් පිට මා දෙපයින් සිටුවා, මා සිටිනා තැන සුරක්ෂිත කළ සේක. අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාවක් වන නව ගීයක්, උන්වහන්සේ මගේ මුවේ තැබූ සේක. භය පක්ෂ ව ඒ දකිනා බොහෝ දනා, ස්වාමින්වහන්සේ තුළ තම විශ්වාසය තබනු ඇත. අහංකාරීන් දෙස නොහැරෙන, පිළිම රූප දෙවිවරුන් පසු පස නො යන, තම විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ ම තබන, තැනැත්තා භාග්‍යවත් ය. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, අප්‍රමාණ ය, ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා හා අප උදෙසා ඇති ඔබවහන්සේගේ සිතුවිලි ඔබට සම කරන්නට කිසිවකුත් නැත. මම ඒවා ගැන කතා කොට, ඔබවහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්නේ නම්, ඒවා ගණන් කළ නො හැකි තරම් ය.
ගීතාවලිය 40:1-5